Print this Article


හිත අහිත

හිත අහිත

බුදුරජාණන් වහන්සේ ජවාලාත සූත්‍රයේ දී පුද්ගලයන් සිව්දෙනකු පිළිබඳ දේශනා කොට වදාළහ. තමන්ටත්, අනුන්ටත් හිත පිණිස නොවන පුද්ගලයා, තමන්ට නොව අනුන්ට හිත පිණිස වන පුද්ගලයා, තමන්ට මිස අනුන්ට හිත පිණිස නොවන පුද්ගලයා හා තමන්ටත් අනුන්ටත් යන දෙපසට ම හිත වැඩ පිණිස පිළිපදින පුද්ගලයා යනුවෙනි.

යම් පුද්ගලයෙක් තමන්ටත්, අනුන්ටත් හිත වැඩ පිණිස නොවන්නෙන් නම්, තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයා උපමා කරන්නේ දෙකොන ගිනිගත්, මැද අශූචි තැවරුණු සෙහොන් පෙනෙල්ලකටය.

එවැන්නක් ගමෙහි හෝ අරණ්‍යයෙහි හෝ දැවවලින් කෙරෙන කිසිදු වැඩකට නොගන්නේම ය. පිළිකුල් කටයුතු ය.