Print this Article


මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල් ගල තැබීමේ උත්සවය

මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල් ගල තැබීමේ උත්සවය

වාද්දුව සමුද්‍රාරාම සිරිමහ මිහිඳු පිරිවෙනේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත රියන් 22 උසැති සංඝමිත්තා මහා චෛත්‍ය රාජයාණන් සඳහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය පසුගිය 22 දින විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති බෝපිටියේ ධම්මිස්සර නාහිමියන්ගේ ආරාධනයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක හා වාද්දුව වජ්‍රකොත් පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති ගෝණදූවේ ගුණානන්ද නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද එක් වී සෙත් පිරිත් සඣායනා කරන ලදී.