Print this Article


පිහිට පතයි

පිහිට පතයි

සචින් ශ්‍යොනදී උඩුගම්පොල නැමැති මාගේ දියණිය 1997 සැප්. 06 දින උපත ලබන ලද අතර ඉපදීමේදීම යම් ආබාධයක් සහිතව උපත ලබා සිටි බව ඇය පවසයි. ඇයගේ මේ රෝගී තත්ත්වයට මේ දක්වා මව විසින් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර මේ වන විට ඇයට තරමක් කතා කිරීමට හැකි තත්ත්වයට පත්ව සිටින බව පවසයි. ඇගේ රෝගී දියණියට තව දුරටත්, වෛද්‍ය ප්‍රතිකාර කිරීමට ඔබේ සහය අවශ්‍ය බව ඇගේ මෑණියන් වන සමරනායක බව පවසයි. දුරකතනය 078 469 6540

****

ගල්කිස්සේ හුළුදාගොඩ පාරේ, නො. 52 නිවසේ පදිංචි ඩබ්ලිව්.ඒ.ඩී. සුනිල් චන්ද්‍රපාල මහතා වයස අවු. 62 ක් වන එක් දරු පියෙකි. වසර දෙක තුනක සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ඔහුගේ වකුගඩු දෙකම නරක් වී ඇති බව පවසයි. ඒ නිසා ඉතා ඉක්මණින් වකුගඩු බද්ධ කිරීමක් කළයුතු බව ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කරන ලද බව ඔහු සඳහන් කරයි. ඒ සඳහා රු. ලක්ෂ 15 කට වඩා අධික මුදලක් වැයකළ යුතුව ඇති බව ඔහු පවසයි. ඒ සඳහා පිනට හිතැති ඔබගේ අවධානය ඔහු අපේක්ෂා කරයි. දුරකතන අංකය 071 82 85 718

 

 

 


****

සේවයේ නියුතු රණවිරුවකුගේ අසාධ්‍ය තත්ත්වයේ සිටින වකුගඩු රෝගී බිරිඳට “ ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” රුධිර ඝනයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව පවසයි. පරිත්‍යාගශීලී කෙනෙකු වෙතොත් පහත දුරකථන අංක සඳහා අමතන ලෙස ඉල්ලීමක් කරයි. 071 102 98 76, 076 530 02 23