[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය

වයඹ පළාතේ , පුත්තලම් දිස්ත්‍රික්කයේ උතුරු පිටිගල් කෝරලයේ යගම් පත්තුවට අයත් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය පිහිටා ඇත. මාදම්පේ සිට විලත්තව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මාදම්පේ නව නගරයේ සිට විලත්තව දෙසට සැතපුම් හතරක් ගිය තැන ශ්‍රී පුෂ්පාරාම විහාර පින් බිම හමු වේ. මෙම විහාරස්ථාන නුවර යුගයට අයත් පුරාණ විහාරයක් බවට කෙරෙන ප්‍රධාන සාධකය පැරණි බුදු ගෙයකි. එහි ඉදිරිපස සඳහන් කර ඇති ක්‍රිස්තුවර්ෂ 1912 හා බුද්ධ වර්ෂ 2456 යනුවෙන් දක්වා ඇති දොරටුව හා විහාර මන්දිරයේ ඇතුළත බිත්තිවල ඇති සිතුවම් එය සනාථ කරයි. ඊට පෙර ද දැව පිට තනා තිබූ බුදු මැදුරක් තිබුණ බව කියැවේ.එහි තිබූ පෞරාණික බුද්ධ ප්‍රතිමාව පමණක් අද පවතී.පොල්අතු සෙවලිකර තිබූ ධර්ම ශාලාවක් තිබූ බව ද කියැවේ.1927 වර්ෂයේ දී වර්තමාන පවතින ධර්ම ශාලාව ඉදිකර ඇත. මෙම විහාරස්ථානයට ඉඩ කඩම් පූජාකර ඇත්තේ රන්දුනු පරම්පරාවේ සහ රන්දෙනි පරම්පරාවේ ගම් ප්‍රධානීන් ය.විහාරස්ථානයේ උන්නතිය සහ චිරස්ථිතිය උදෙසා කටයුතු කළ සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා වනුයේ ශ්‍යාමොපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයට අයත් වීරකොඩියාන උපනන්ද ස්වාමීන් වහන්සේ සහ මාදම්පේ සේනානායක මධ්‍ය විද්‍යාලයේ ආචාර්ය හිමිනමක් ලෙස කටයුතු කළ එළිවිටියේ උපසිරි ස්වාමීන් වහන්සේ ය.


  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]