Print this Article


ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා ලිපි මාලාව 16: බුද්ධෝ බුදුගුණ භාවනාව

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා ලිපි මාලාව 16:

බුද්ධෝ බුදුගුණ භාවනාව

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ සත්‍යයේ දුකෙන් වෙන්වීම නම් වූ විවේකාර්ථය අවබෝධ කොට අන්‍යයන්ටත් අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ සත්‍යයේ හේතුවකින් හට නොගත් බව නම් වූ අසංඛතාර්ථය අවබෝධ කොට අන්‍යයන්ටත් අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ සත්‍යයේ මරණයක් නැති බව නම් වූ අමෘර්තාර්ථය අවබෝධ කොට අන්‍යයන්ටත් අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ මාර්ග සත්‍යයේ නිවනට පමුණුවන බව අවබෝධ කොට අන්‍යයන්ටත් අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ මාර්ග සත්‍යයේ නිවනට හේතු වන බව අවබෝධ කොට අන්‍යයන්ටත් අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ සත්‍යයේ නිවන දක්නා බව නම් වූ දර්ශනාර්ථය අවබෝධ කොට අන්‍යයන්ටත් අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ සත්‍යයේ නිවනට පැමිණීමේ ඉසුරුමත් බව නම් වූ අධිපතෙය්‍යාර්ථය අවබෝධ කොට අන්‍යයන්ටත් අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියල්ල දත් බැවින් ද, සියල්ල දක්නා බැවින් ද බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අන්‍යයන් විසින් අවබෝධ කරවිය යුත්තෙකු නොවන බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නා නා ගුණයන් වෑස්සෙන බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කාමාදී ආශ්‍රවයන් ක්ෂය කළ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් රාග, ද්වේශ, මෝහයන් දුරු කළ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ඒකායන මාර්ගයෙහි වැඩි බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ එකලාව අනුත්තර සම්‍යක් සම්බෝධිය අධිගමනය කළ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අබුද්ධිය නසා බුද්ධිය ලැබූ බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන පටිසම්භිදාවන්ගෙන් සමන්විත වන බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ ආසය අනුසය දන්නා ඥානයෙන් යුක්ත බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ යමක ප්‍රාතිහාර්ය ඥානයෙන් යුක්ත වන බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්ති ඥානයෙන් යුක්ත වන බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් යුක්ත වන බැවින් බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනාවරණ ඥානයෙන් යුක්ත වන බැවින් බුද්ධ නම් වන සේක.