Print this Article


ඇහැලියගොඩ සාම මහා විහාරයට භික්ෂු විවේකාගාරයක්

ඇහැලියගොඩ සාම මහා විහාරයට භික්ෂු විවේකාගාරයක්

සටහන සහ සේයාරුව
ඇහැලියගොඩ විශේෂ
නිමල් විජයතුංග

ඇහැලියගොඩ සාම මහා විහාරයට වැඩම කරන භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහා එම විහාරාධිපති දන්දෙණියේ විපුලසීහ හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදි කරන ලද භික්ෂු විවේකාගාරය ඉකුත් දා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ සුරතින් විවෘත කෙරිණි.

අනුශාසනාවක් සිදු කරමින් සෝභිත නාහිමියෝ සඳහන් කළේ වර්තමානයේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සහ අවශ්‍යතාවයන් මැනැවින් හඳුනාගෙන මෙබඳු අඩුපාඩු සම්පූර්ණ කිරීමට දායක දායිකාවන් අතහිත දීම ඉතා හොඳ බොදු ප්‍රවණතාවයක් වන අතර මෙම මාහැඟි භික්ෂු විවේකාගාරය අංග සම්පූර්ණ ලෙස ඉදි කර තිබීම පැසසුම් කටයුතු පුණ්‍ය කර්මයක් බවයි.