Print this Article


ඇයි?

 ඇයි?

විශ්වයෙ සැම දිසි අදිසි ව
බිහිවන හැම ප්‍රාණියාම
නිමේෂයෙන් දහස් වරක්
මැරි මැරි එහි උපදිනා

උපන් දිනට - ඇයි
කා බී රඟන්නේ
දියේ නැඟෙන පෙණ පිඬු මෙන්
සි¼දී බිඳී මතුවනවා

මමය කියා මගේ කියා
කුමක් ද ලොව පවතින්නේ
උපන් දිනට - ඇයි
කා බී රඟන්නේ

දහස් ගණන් නිවෙන දිලෙන
විදුලි බුබුළු සැණකෙළියේ
කිරට හඬන බිළිඳු පුතුට
කිරි කඳුළක් දුන මැනවි

උපන් දිනට - ඇයි
කා බී රඟන්නේ