Print this Article


කප් සුවහස් කල් මුලු තුන් හෙළයට සිරිමා බෝ සරණයි

කප් සුවහස් කල් මුලු තුන් හෙළයට සිරිමා බෝ සරණයි
 

 

වළා සිපින මහ දාගැබ් මුනි මැදුරු
සමුදුර සදිසි වැව් කෙත්වත් මැව් සොදුරු
අටළොස් සිපින් හා ලක්දිව වැඩි මහරු
බැතියෙන් සිහිකරම් සඟමිත් ගුණ ගැඹුරු

ඉඳුනිල් පත්ය සුදු කඳ දෙව් රුකක් යුරු
පිරිපත දුරු කරන හෙළ දිව කරන සරු
සිරිමා බෝ සමිඳු වැඩමෙව් බුදුන් යුරු
බැතියෙන් සිහිකරම් සඟමිත් ගුණ ගැඹුරු

වේදිස ගිරියෙන් දඹකොල පටුනට පෑයූ සද පහනයි
වනිතා පරපුර යුගැදුරු ගණැදුර දුරුකළ හිරු කිරණයි
මහමෙව්නාවේ සිළි සිළි බෝපත් නිති බුදුගුණ මුමුණයි
කප් සුවහස් කල් මුලු තුන් හෙළයට සිරිමා බෝ සරණයි