Print this Article


දෙසූ බුදු බණ අමා සුවදෙයි

දෙසූ බුදු බණ අමා සුවදෙයි

මහා කරුණාවයි
මහා ප්‍රඥාවයි
සසර දුක නිම කෙරෙන ඔසුවයි
උපත විපත ද නොමැති නිවනයි
දෙසූ බුදු වදනයි -
ලොව්තුරු අමා දම් සිසිලයි
උපත කොතැනද
දුකද එතැනයි
විපත ඇතිවන
තැන ද දුකමයි
සදාතන ලෝ දහම එය වෙයි
ඉන් මිදුණු සිත එතැන නිවනයි
දෙසූ බුදු වදනයි
අමා දම් සිසිලයි
බැඳුණු සිත ළඟ
සැඟව දුක ඇත
මහා මේරුව වන්
මිදුණු විට සිත
දුකක් නොදැනෙයි
සසර ඕගය තරණ කළ සඳ
නිවනෙ රන්දොර විවරවෙයි
(ධම්මපද ගාථා ඇසුරෙනි)