[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අමාවක පෝදා 2020.12.14

ආලෝකය දකිමු


ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව බෞද්ධයෝ දනිති. එහෙයින් ධර්මානුධර්ම ප්‍රතිපන්න ව මෙලොව ජීවිතයට සේ ම පරලොව ජීවිතයට ද වැඩ සලසා ගන්නෝ බොහෝ වෙති. එහෙත් අතළොස්සක් තරම් පිරිසක් ඒ දහම් ආලෝකය දැන, දැකත් අඳුරේ ම ගිලෙන්නට යති. ඒ තනිව ම නොවේ. අවට සිටින්නවුන්ද අඳුරට ඇද දමමිනි.

කිරි කළයට ගොම බිඳක් මුසු වුවද කිරි කළයම ඉවත ලන්නට සිදුවේ. සමාජය තුළ අශීලාචාරව, අසංවර ව, ඇදහැමි ව හැසිරෙන පුද්ගලයන් සුළුතරයක් වුව ද, ඇතැම්විට සමස්ත සමාජය ම විනාශයට ඇද දමන්නට ඔවුහු සමත් වෙති.

එවැනි පිරිස් අද ද මේ සමාජයේ වෙති.

තැනෙක විවිධාකාරයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම ය. ඉන් විනාශ වන්නෝ වෙසෙසින් මෙ රටේ තරුණ දරුවෝ ය. ළමා පරපුරය. මුදලටම ලොබ බැඳ මිනිස් ජීවිත විනාශ කරන්නෝ සමාජයක් අඳුරේ ගිල්වති.

කොරෝනා වසංගත රෝග උවදුර ව්‍යාප්තිය වළකනු පිණිස නිරන්තරයෙන් ලැබෙන අවවාද, උපදෙස් ඇතැම් කෙනෙකුට බීරී අලින්ට වීණා වයන්නා සේ ය. මොවුහු අනුන් ගැන තබා තමන්ගේ ආරක්ෂාව ගැන හෝ නො සිතති.

මනුෂ්‍ය ජීවිතය නම් ඉතා දුර්ලභ ව ලබාගත යුත්තකි. හොඳින් සිතා බලා විමසා කටයුතු නො කළේ නම්, ඒ මනුෂ්‍ය ජීවිතයෙන් ද පලක් නැත.

අපගේ අර්ථ සිද්ධිය පිණිස වන අවවාද, අනුශාසනා සම්බුදු දහම තුළ මොන තරම් වේද? නිරෝගී සම්පත පරම ලාභය බව දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ අපට සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් ද උගන්වා වදාළහ. පිරිසුදුකමේ සිට, ආහාර ගැනීමේ සිට, අනුගමනය කළයුතු පිළිවෙත් ධර්මය තුළ මොන තරම් අන්තර්ගත ද?

බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ පමණ දැන ආහාර ගැනීමට ය. බොහෝ ලෙඩ රෝග ඇතිවන්නේ එහි පමණ ඉක්ම වූ කලය.

නිහඬ බව අගය කළ උන්වහන්සේ හිස් ප්‍රලාප දෙඩීම සපුරා ප්‍රතික්ෂේප කළහ. අනවශ්‍ය කතා බහෙන් වළකින්නට සොබා දහම අද අපට නියම කර තිබේ.

දහම තුළ අගය කළේ සරල දිවි පෙවෙතයි. අද සොබා දහම මඟින් මුළු ලෝකයේ ම වැඩි පිරිසකගේ ජීවිත සරල බවට පත්කොට තිබේ. අවශ්‍යතා මවමින් ඒ පසුපස හඹා යනවා වෙනුවට හුස්ම පොද ආරක්ෂා කරගන්නට ඔවුහු වෙහෙසෙති.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උපයන සියල්ල ඒ මොහොතේ පරිභෝජනය කරන්නට නොවේ. ලෙඩක දී දුකක දී ප්‍රයෝජනයට ගන්නට යම් ප්‍රමාණයක් ඉතිරි කරන්නට ය. අද මාසයක් දෙකක් තරම් සුළු කාලයක් වුව රැකියාවක් නො වූයේ නම් ඇතමෙකුට සිදුවන්නේ කාගෙන් හෝ බත්පත ලැබෙනතුරු බලා සිටින්නට ය.

උන්වහන්සේ මෙවැනි සදූපදේශ දේශනාකොට වදාළේ මොන තරම් ඈත අතීතයක ද? ඒ ධර්මය සෑම කල්හිම පොදු ය. අද අපි ඊට ප්‍රායෝගිකව ම මුහුණ දෙමු.

බොහෝ දෙනෙක් දහම ජීවිතයට ගළපා නො ගනිති. තමන්ටත්, අනුන්ටත් අනර්ථ සිදු කරගන්නේ එවැන්නෝ ය.

අංගුත්තර නිකායේ අසුර වර්ගයෙහි ඡවාලාත සූත්‍රයේදී පුද්ගලයන් සතර දෙනකු පිළිබඳ බුදුරජාණන් වහන්සේ සඳහන් කරති. ඉන් එක් අයෙක් වන්නේ තමන්ටත්, අනුන්ටත් හිත පිණිස නො පිළිපදින පුද්ගලයා ය. උන්වහන්සේ එම පුද්ගලයා උපමා කරන්නේ දෙකොන ගිනිගත්, මැද අශූචි තැවරුණු සොහොන් පෙණෙල්ලකට ය.

තමන් වැරැදි මඟ යනවා නම්, නිවැරැදි වන්නට මේ උපමාව ම ප්‍රමාණවත් ය.

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]