[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

බුදුරජාණන් වහන්සේ දැක ගනිමු

බෞද්ධයාගේ පරමාර්ථය විය යුත්තේ කෙළවරක් නැති මෙම සංසාර ගමන කෙටි කර ගැනීමයි. ඒ සඳහා නිසි මඟ බුදුන් වහන්සේ විසින් පෙන්වා වදාරා තිබෙද්දීත් සංසාර පුරුද්ද නිසාම බොහෝ දෙනා යොමු වන්නේ ලබා ගත් මිනිසත් භාවයෙන් නිසි ඵලය ලබා ගැනීමට නොව තව තවත් අන්ධකාරයේ නිමග්න වීමට ය. සත්ත්ව වර්ගයා දෙස කල්පනා කරන විට මිනිස් බව උසස්ම තත්ත්වයයි. ”මනස්ස උස්සන්නත්තා මනුස්සා” යනුවෙන් උගන්වා වදාළේ එම නිසා ය. තිරිසන් සතුන් සහ මනුෂ්‍යයන් අතර වෙනස හැටියට දකින්නට හැකි වන්නේ ඔහු තුළ පිහිටා ඇති සිත දියුණු කිරීමේ ශක්තියයි. බුද්ධෝත්පාද කාලයක ඉපදී සිටීමට හැකියාව ලැබීම ම, මනුෂ්‍යයන් ලෙස අප මහත් භාග්‍යවන්තයෝ ය. එහෙත් බුදුන් වහන්සේගේ ජීවමාන ධර්මය නොසැඟවී තිබෙන යුගයක ලබාගත් මිනිසත් භාවයෙන් නිසි ප්‍රයෝජන ලබා නොගන්නේ නම් තව දුරටත් අපි මේ සංසාර ගමන දික්කර ගනිමු. බුදුරජාණන් වහන්සේ සමීපයේ සිටි ඇතැම් රාජ රාජ මහාමාත්‍යවරුන්ට පමණක් නොව බුද්ධ සාසනයේ පැවිද්ද ලබා සිටි ඇතැම් අයටවත් නියම බුදුරජාණන් වහන්සේ දකින්නට නොහැකි වූ බව බුද්ධ කාලයේ සිදුවූ සිදුවීම් පරිශීලනය කරන විට මැනවින් අවබෝධ වෙයි. සසර කෙටි කර ගෙන මේ සංසාර ගමන නතර කිරීමට බුද්ධෝත්පාද කාලයක ඉපිද සිටියත්, පාරමිතා සම්පූර්ණ කර නැතිනම් හැකියාවක් නොලැබේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි බව ලබා සිටි දේවදත්තට බුදුන් දකින්නට වරම් නොලැබුණේ එනිසයි. අජාසත් රජ බුදුරජාණන් වහන්සේගේ ප‍‍්‍රධානම දායකයෙක් ලෙස කටයුතු කළත්, ඔහුට ද සැබෑ බුදුන් දකින්නට නොහැකිව අපා ගත වුණේ පියා මැරීමේ පාප කර්මය නිසා ය. මෙවන් බොහෝ උදාහරණ බුදු සිරිත ඇසුරින් සොයාගත හැකි ය. එයින් අපට පැහැදිලි වන්නේ සැබෑ බුදුන් දැකීම යනු බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැකීම යන්නයි.


  ඉල්
අව අටවක 

දෙසැම්බර් 07 සඳුදා අ.භා 06.47 න් අව අටවක ලබා 08 අඟහරුවාදා අ.භා 05.17 න් ගෙවේ.

අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]