Print this Article


අති පූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

අති පූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

සුපේෂල,ශික්ෂාකාමි සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස ලෝක වාසි බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍රව අවුරුදු 98 ක් ආයූ වළඳා අපවත් වී වදාළ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිගරු මහා නායක,අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහා නා හිමිපාණන් වහන්සේ පසු ගිය 22 දින දහස් සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ දැයෙන් සමුගත් හ.

තෛ‍්‍ර නිකායික මහා සංඝරත්නයේත්, සෙසු ආගමික නායකයින්ගේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරු හා රාජ්‍ය නිලධාරීන්ගේත්, පොදු ජනතාවගේත් සහභාගිත්වයෙන් ආදාහන පූජෝත්සවය පල්ලේකැලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව පැවැත්විණි.

 

ඡායාරූප - සුනිල් ගුණවර්ධන කුණ්ඩසාලේ සමූහ