Print this Article


සසුනඹරේ බැසගිය පුන්සඳ

සසුනඹරේ බැසගිය පුන්සඳ

සසුන් විලේ පිපි සුවඳ නෙළුම් මල
දැයක් පුබුදු කළ ලොවක් පුබුදු කළ
නාපාන පෙමසිරි සඟ රජිඳ්‍රාණේ
සසුනඹරේ පුන්සඳ අවරෙහි ගිළුණේ

අගමහ පඬි රාමඤ්ඤ නිකායේ
නාපානේ පෙමසිරි සඟ රජිඳ්‍රාණෝ
උදු පිළිවෙත් සරු නැණ මහ සමුදුරු
හිරිකඩු විදුසරු පිරිවෙන් අදියුරු

තෙලෙස් මහාදීපයව නිකායෙහි
සීල ගුණෝපිත ඥාණ ගුණෝපිත
අගමහ පඬි රාමඤ්ඤ නිකායේ
නාපානේ පෙමසිරි සඟ රජිඳ්‍රාණෝ

දෙස්, විදෙ සුපතළ චන්දන වෘක්ෂය
ශාසන වංස කතාවේ අගපල
නිහතමානී ගුණ සපිරි සුපූජිත
මා හැඟි දම් රුවනකි සම්බුදුකුරු

යළි ඉපදුන මැන සිරිලක් දෙරණේ
නාපානේ පෙමසිරි සඟ රජිඳ්‍රාණෝ