[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපතිතුමා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාමාන කළ අවස්ථාව

අගමැතිතුමා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාමාන කළ අවස්ථාව

ජනපති-අගමැති අනුරපුරේ පින්කම් රැසක

මිරිසවැටියේ දී භික්ෂූන් වහන්සේ පන්සියය නමකගේ සහභාගිත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වසරක පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගෙන පින්කම් මාලාවක් පසුගිය 13 වැනිදා සිට පවත්වන ලදී. ඒ සමස්ත රටවාසී ජනතාවට මෙන්ම, ලෝවාසී සියලු ජනතාවට ම සෙත් පතමිනි. 13 වැනිදා පස්වරුවේ ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිතුමා රුවන්වැලි රාජමහා විහාරාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. රුවන්වැලි මහා සෑ රදුන් වෙත කළ කන්චුක පූජාවට සහ අෂ්ඨඵල චතුමධුර පූජාවට එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතී ය. සෑ රදුන් අභියස විශේෂ සෙත් පිරිත් සජ්ඣායනාවක් ද එහිදී සිදු කෙරිණ. සෑ රදුන් උදෙසා ආලෝක පූජාව පැවැත්වීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. රුවන්වැලි රාජමහා විහාරාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ අනුශාසනාවක් කරමින් කොවිඩ් මර්දනයට සහභාගි වන සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි නිලධාරීන්ට ආශිර්වාද කළහ. රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ඣායනාවක් ඓතිහාසික මිරිසවැටිය පුද බිමේ සලපතල මළුවේ දී පැවැත්වුණේ 14 වැනිදා ය. රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීමත් ජනාධිපතිතුමා ධුරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනය නිමිති කොට සෙත් පැතීමේ පින්කමක් ලෙසින්ද එය සංවිධානය කර තිබුණි.


  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]