[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කවරයේ කතාව

කවරයේ කතාව

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන කල්හි සුනාපරන්තයේ සුප්පාරක පටුනින් පන්සියයක් පමණ ගැල් ගෙන වෙළෙදාම සඳහා පුණ්ණ නම් කෙළෙඹියෙක් ප්‍රමුඛ පිරිස සැවැත් නුවරට පිවිසියහ.

දිනක් භාග්‍යවතුන් වහන්සේ දක්නට යන පිරිස දැක පුණ්ණ ද ඔවුන් කැටුව ජේතවනාරාමයට ගියේ ය.භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා පැහැදුණු පුණ්ණ බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දන් දී පිරිනමා, තමා ඉපැයූ ධනය සිය මයිලණුවන්ට පවරා පැවිදි බව ලැබීය.

මහණ දම් පුරන පුණ්ණ හිමියෝ දුටු භාග්‍යවතුන් වහන්සේ රහත් බව තෙක් කර්මස්ථාන ක්‍රමය සැකෙවින් වදාළ සේක.

“පුණ්ණ ඉක්බිති තෙපි ගොස් කොහි වසවු දැයි භාග්‍යවතුන් වහන්සේ විමසූ හ.

“භාග්‍යවතුන් වහන්ස සුනාපරන්ත නම් ජනපදයක් ඇත.මා එහි ගොස් වසන්නෙමියි” පුණ්ණ හිමියෝ පැවසූහ.

“පුණ්ණ සුනාපරන්ත ජනපද වාසීහූ දරුණු මිනිසුන් ය.ඔවුන් තොපට ආක්‍රෝශ කළොත් යැයි භාග්‍යවතුන් වහන්සේ විමසූහ.”

“භාග්‍යවතුන් වහන්ස, ඔවුන් මට ආක්‍රෝශ කළත් අතින් මිටින් පහර නුදුන්නොත් ඒත් යහපතැ යි පුණ්ණ හිමි පැවසූහ.”

“එයින් නොනැවති ඔවුන් අතින් මිටින් පහර දුනහොත් යළිත් භාග්‍යවතුන් වහන්සේ විමසූහ.

කැට කැබිලිත්තෙන් නො ගසා අතින් මිටින් තැළුවත් එයද ඔහුන් ගේ ගුණයක් කොට සලකමි” යැයි පුණ්ණ හිමි පැවසූහ.

“එහෙත් ඔවුන් කැට කැබිළිතිවලින් පහර දුන්නොත් යැයි භාග්‍යවතුන් වහන්සේ විචාළේ ය.

කැටින් පහර දුන්නත් දන්ඩෙන් පහර නො දෙත් නම් එයින් ඔවුන් හොඳ මිනිසුන් කොට සලකන්නෙමි” යි පුණ්ණ හිමි පැවසූහ.

“ඉදින් දණ්ඩෙන් පහර දුන්නොත්” යැයි භාග්‍යවතුන් වහන්සේ විමසූහ.

“මොවුහු යහපත් මිනිසුන් ය.මට ආයුධයෙන් පහර නො දෙති” යි සිතන්නෙමි යැයි පුණ්ණ හිමි පැවසූහ.

“එහෙත් ඔවුන් ආයුධයෙන් පහර දෙත් නම්” යැයි භාග්‍යවතුන් වහන්සේ විමසූහ.

“මොවුහු තියුණු සැතින් පැහැර මා දිවි නො නසති.එ බැවින් මොවුහු මනා මිනිස් කෙනෙකැ යි සිතමි යන්න භාග්‍යවතුන් වහන්සේ ට පුණ්ණ හිමි පැවසූහ.

“එහෙත් ඔවුහු තොප දිවි තොර කරත් නම්? යැයි භාග්‍යවතුන් වහන්සේ විචාළ හ.

“ඔහු එසේ මා දිවි තොර කරත් නම් ඇතැම් කෙනෙක් සිරුරෙහි කළකිරී තමන් මරන කෙනෙකුන් සොයති.මම වනාහි නො සොයා ම එවැනි කෙනෙකුන් ලැබිමි යි සිතමි” භාග්‍යවතුන් වහන්ස යැයි පුණ්ණ හිමියෝ පැවසූහ.

පුණ්ණ තෙරුන්ගේ කතාව අසා භාග්‍යවතුන් වහන්සේ තුන් වරක් සාධුකාර දී “පුණ්ණයෙනි, තෙපි සුනාපරන්තයෙහි වසන්නට නිස්සහ යි වදාලා සේක. පුණ්ණ කෙළෙඹි භාග්‍යවතුන් වහන්සේ අඹිමුව පැවිදිබව ලැබීම මෙවර කවරයේ සිතුවමෙන් නිරූපණය වෙයි.

  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]