[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

අපේ ලොකු හාමුදුරුවෝ

සෙත් සිරි උතුරන දන මන පොබයන මුහුණේ පින් බර හසරැල්ලයි
සත් සිත සනහන මෙත් ගුණ සපිරුණු ළය තුළ සදහම් ගඟුලැල්ලයි
සිත්තුළ දුක් ගිනි වහා නිවාලන සෙත් පිරි මුදු මද සිහිලැල්ලයි
උත්තම නාහිමි ගුණ කඳ සමරන හැම සිතකට නිති සැනසිල්ලයි

****

කඩතුරා

ඇහැල මල් පොකුරු
කියයි දහමක් සොඳුරු
හැමූ සුළඟට උතුරු
හැළී කියවයි අකුරු

වැටී බිම වැතිරි ලා
සිනා හඬ පැතිරි ලා
මනෝමය කඩතු රා
ඉරා එහි ඇත එළා

****

මෙවර ජයග්‍රාහී කවිය

කරුණා ගුණය

බැල මෙහෙවර කළා දවසෙම කය වෙහෙසී
ඇනුම් බැණුම් ගුටිබැට තිබුණා සැහැසී
දිවි කළකිරී යන විට පුණ්‍යා දාසී
සිත සැනසුණා කරුණා ගුණයෙන් සෑසී

නාලාගිරි ඇතුට දැක්වූ මෙත් සිසිල
අංගුලිමාලගේ හදවත විය නිසල
සෝපාකගේ කැළඹුණ සිත විය නිසල
කරුණා ගුණය මේ ලෙස විය ලෝපතළ

****

ප්‍රතිවිරුද්ධ

රෝහලේ කොරිඩෝරයේ
දෙපසට ඇදී යන
ට්‍රොලි දෙකෙන් එකක් මත
රෙදි කඩින් ඔතන ලද
අද උපන් බිළිඳා ය

අනෙක මත
සුදු රෙදිකඩින් එතු
අද මියැදි මිනිසා ය

****

වැස්ස

අහස ගුගුරා ඇද හැලුණේය
මහා වැස්සක්
බෝ රුක නැහැවුණු පැන් කළ හතෙහි
දිය සෝදා හරින්නට
තෙත පොදක් නොගෑවුණු
හදවත් හි සුසුම්
පැන් කළවලට මුසු වුණු බව
වලාකුළට දැනුන නිසාවෙන්

****

අභයතිස්ස මහ පිරිවෙන

පිරිවෙන තිබෙන්නේ සාලා දෙක තුළය
එතුළින් හදන්නේ ගුණ නැණ යන දෙකය
පොඩි හිමිවරුන් මෙහි ඉගෙනුම කළ යුතුය
ගිහි ළමයිනුත් ඒ අතරට ඇතුළත් ය

අභයතිස්ස පිරිවෙන එහි හරි නමය
මහ පිරිවෙනක් ලෙස ලක්දිව සුපතලය
කියවීම් ශාලාව එහි හරි මනහරය
දැනුම ලබන්නන් හට නම් හරි හොඳය

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]