[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

කොරෝනා නිසා ජලයටත් හානි

මුළුමහත් ලෝකවාසීන් සියලු දෙනාට ම පීඩා කරමින් තවමත් ලොව පුරා පැතිරෙන කොරෝනා වෛරසය මෑතක දී ලෝකවාසීන් මුහුණ දුන් භයානක වසංගත තත්ත්වයකි. මෙම වසරේ මාර්තු සිට මැයි මස දක්වා මාස තුනකට ආසන්න කාලයක් රට වසා දමන තත්ත්වයකට පවා ඇද දැමූ මෙම කොරෝනා වෛරසය දැන් දෙවන වතාවටත් පැතිර යමින් පවතී.

කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඬ පැවැත්වීමටත්, රටවැසියන් ඊට ගොදුරුවීම අවම කිරීමටත්, වෙළඳසැල්, පොදු ස්ථාන ආදිය ඉදිරිපිට තබා ඇති සබන් කැටයත්, ජල කරාමයත් අද වන විට සුලභ දසුනකි.අතින් කරකවන සාම්ප්‍රදායික ජල කරාමය හරහා සිදුවන වෛරස ව්‍යාප්තිය මැඬ පැවැත්වීමට කකුලෙන් පාගන ජල කරාම ද අද නිර්මාණය වී ඇත.

එහෙත් අපගේ අවධානයට යොමු නො වන කරුණක් ද තිබේ. එයනම් මිනිසාගේ ම නො සැලකිල්ල නිසා සිදුවන ජල නාස්තිය යි. ජල කරාමය හරිහැටි වැසීමට තරම්වත් සැලකිලිමත් නො වන මිනිස්සු බොහෝමයක් අප අතර සිටිති.

එමෙන් ම අක්‍රීය වූ ජල කරාම කොතෙකුත් අද පාර දෙපස දැකගත හැකි ය. එහි ශෝචනීය තත්ත්වය නම් මෙවැනි අක්‍රීයව ගිය ජල කරාම නැවත අලුත්වැඩියා කරන තෙක් ම සිදුවන ජලය අපතේ යාම යි.

ජල සම්පතට රත්රන්වලටත් වඩා වටිනාකමක් හිමි වී ඇති යුගයක මෙලෙස මිනිසා තමා විසින් තමාගේ ම ප්‍රයෝජනය උදෙසා විවෘත කරගත් කරාමයවත් නිසිලෙස නො වසමින් නො සැලකිල්ලෙන් කටයුතු කළහොත් අපට නුදුරු අනාගතයේ දී ම ජල අර්බුදයකට මුහුණදීමට සිදුවීම නො වැළැක්විය හැකි කාරණයක් වනු නොඅනුමාන ය. එය කොරෝනාව සිදුකළාටත් වඩා ලොකු විපතක් ලෝකයා හමුවේ සිදුකරනු ඇත.

****

කොරෝනා දුරු වේවා

තිසරණ සරණ වේවා
රෝ බිය නැති වේවා
කොරෝනා දුරු වේවා
ලොවේ සැමට ම සෙතක් වේවා

****

වැඩිහිටියන්ට ගරු කරමු

වැඩිහිටියන් යනු අපට වඩා වයසින් වැඩිමහල් අයයි. වැඩිහිටියන් සඳහා ඔක්තෝබර් පළමු වැනිදා ලෝක වැඩිහිටි දිනය වශයෙන් නම් කර ඇත. වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පුංචි අපේ ජීවිතවලට ඉතා ප්‍රයෝජනවත් වේ. බාල පරම්පරාව යහමඟ යැවීම වැඩිහිටියන් සතු යුතුකමකි. වියපත් වූ වැඩිහිටියන් රැකබලා ගැනීම දරුවන්ගේ යුතුකමකි.

****

සතුන්ට හිංසා නොකරමු

අපි කවුරුත් සතුන්ට ආදරය කරමු. සතුන් බොහෝ විට අපට කරදර කරන්නේ අප විසින් කුමක් හෝ වරදක් සිදුකළ විට ය. නැතිනම් සතුන් අපට කරදර කරන්නේ නැත. අපි නිවෙස්වල සුරතල් සතුන් ඇති කරමු.

එහෙත් වර්තමානය වන විට සතුන්ට ජීවත්වීමේ ඉඩකඩ බොහෝ අඩුයි. එසේ වී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා ය. මිනිස්සු සත්වයින්ට බොහෝ හිංසා සිදු කරති. සතුන් ද ආශා කරන්නේ මිනිසුන් වාගේ කිසි හිංසාවක් පීඩාවක් නැතිව ජීවත් වීමට ය. එහෙත් මිනිසුන් සතුන්ට ඒ වාගේ ජීවත්වීමට ඉඩ දෙන්නේ නැත. සතුන්ට දරා ගැනීමට නොහැකි වන සේ කරදර කරති. උණු වතුර වත් කිරීම, ගල්වලින් ගැසීම, මඟතොට දමා යෑම, සතුන් මරා දැමීම ආදියයි.

අපි හැමදාම සතුන්ට හිරිහැර නොකර ආදරය දක්වමින් ජීවත් වෙමු.

****

හෙළ විරුවෝ

ගාමිණි අබා හෙළ මහරජ දෙවිගෙ රට
පැරකුම් විජයබා ජයගොස නැගුව රට
යාපා පටුන මැද සපුමල් පිපුණ රට
මේ රට සදා අපරාජිත සිහළ රට

උතුම් පරපුරෙන් එන දෙදහස්වසක සිට
ජීවය ඔබයි අද හෙළ රන් දෙරණ පිට
මේ රට රකින ලද සියදිවි දෙවැනි කොට
ගාමිණි විජයබා ගජබා ඔබය මට

****

ආනන්ද මහරහතන් වහන්සේ

සම්බුදු හිමිට උවටැන් කළ සඟ නමකි
දහම් ගුණය ඔප් නැංවූ සඟ නමකි
ධර්ම භාණ්ඩාගාරික වූ නිතිනි
අන්හට පිහිට වූ උතුමන් අනඳ හිමි

****

අවිහිංසාවාදී වෙමු

පංචශීල ප්‍රතිපදාවේ පළමු සිල් පදය, “පර පණ නැසීමෙන් වැළකීමේ සිල්පදයයි. එය බුදු දහමේ අවිහිංසාවාදී බව ප්‍රකට කරවන්නකි. මේ ලෝකයේ මිනිසුන් පමණක් නොව සතුන්ද ජීවත් වෙයි. මිනිසා තාක්ෂණික අතින් දියුණු වුවත් සතුන් ප්‍රමුඛ ගස්වැල් නොමැති ව ඔවුනට ජීවත් විය නොහැකි ය. අප සොබා දහමට ගරු කළ යුතු යි. විනාශ නොකළ යුතුයි. අප බුදුරජාණන් වහන්සේ, උදේනි රජතුමාගේ භද්‍රවතිකා ඇතින්නට පිහිට වූ සේක. ළමයින් පිරිසක් අහිංසක ගැරඬියකුට පහර දෙමින් සිටියදී එය වළක්වා ධර්මය දේශනා කළහ. මෙවැනි සිදුවීම් තුළින් පෙන්වා දෙන්නේ සත්ත්වයින්ට හිංසා නොකළයුතු බව නොවේද? පෙර බවයක යම්කිසි පාපයක් කර මිනිසාට පෙනෙන්නට තිබෙන එකම අපායේ ජීවත්වන නමුදු ඔවුන් ද මෙලොව ප්‍රාණීන් ය. ඔවුන්ට හිංසා කිරීම මහා පාපයකි. එම නිසාම අපි සතුන්ට කරුණාව දක්වමු. සත්ත්ව හිංසනයෙන් වැළකී එය පිටු දකිමු.

****

වෙහෙර වහන්සේ

****

අපේ ගෙවත්ත

  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]