Print this Article


බොදු මහා සමුළුවේ කඨින පුණ්‍ය මහෝත්සවය

බොදු මහා සමුළුවේ කඨින පුණ්‍ය මහෝත්සවය

බොදු මහා සමුළුවේ කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා පලුගස් වැව ශ්‍රී ඉසිපතනාරාමයේ පැවැත්විය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වාර්ෂිකව පවත්වනු ලබන කඨින පුණ්‍ය මහෝත්සවය මේ වසරේ පවත්වනු ලැබුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආසිරිගම ශ්‍රී ඉසිපතනාරාමයේ ය.

මෙම විහාරස්ථානයට මෙතෙක් අඩුපාඩුවක් වී තිබූ බුද්ධ මන්දිරය සාදා දෙන ලෙස විහාරාධිපති පැල්මඩුල්ලේ සීලරතන නාහිමියන් වහන්සේ බෞද්ධ මහා සම්මේලන සභාපති ජගත් සුමතිපාල මහතාගෙන් ඉල්ලා සිටියහ. ජගත් සුමතිපාල මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය අනුස්මරණය කිරීම සඳහා එම බුද්ධ මන්දිරය අංග සම්පූර්ණව සාදවා ඩී. කරුණාරත්න මහත්මියගේ සුරතින් පසුගියදා සසුනට පූජා කරන ලදී.

මෙවර කඨින පුණ්‍යමහෝත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳව ජාතික මණ්ඩලයේ සභාපතිනි සමන්තා සුමතිපාල මහත්මියගේ සංවිධාන ශක්තියෙන් ඉතා උත්කර්ෂවත් ලෙස නිරෝධායන නීතිරීතිවලට යටත්ව පැවැත්වුණි.