Print this Article


කාලයේ වෙනස

කාලයේ වෙනස

දීග දුන් දරුවනුත් ඈතකට ගිහිල්ලා
දුක බෙදාගත් අඹුව “දුව“ ළඟට ගිහිල්ලා
ගත්තු සොච්චම් පඩිය විශ්‍රාම ගිහිල්ලා
තුන් වේල කන්න මදි තිස් දොහක් ගතවෙලා

නො තෙමි ඉන්නට තැනුව පියස්සත් දිරාලා
සතර කොන මකුළු දැල් ගෙබිම ඉරි තලාලා
අත පය ද වාරු නැත මහලු වී දිරාලා
මරණ භය දැනේ මට සියොළඟම වෙව්ලලා