[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සතුන්ට හිංසා නොකරමු

අප සියල්ලෝ ම මනුෂ්‍යයෝ වෙමු. අපි මේ ලොවේ මිනිසුන් ලෙස ජීවත් වුණ ද, සදාකාලික ව ජීවත් වන්නෝ නොවෙමු. තාවකාලික ජීවිත ගත කරන්නෙමු . සතුන් ද එසේම ය. අප මෙන්ම සතුන් ද එම සංසාර චක්‍රයේ ඇවිද යන්නෝ ය. අපට මෙන්ම සතුනට ද මේ ලොවෙහි ජීවත්වීමට අයිතියක් ඇත. අප හිංසාවට අකැමැති ය. පීඩාවට අකමැති ය. ඒවගේ ම අපට බිය දැනේ. වේදනාව දැනේ. මෙලෙස ම සතුනට ද හැඟීම් දැනීම් ඇත. ඔවුන් ද හිංසාවට අකැමැති ය. පීඩාවට අකමැති ය. බිය ද. වේදනාව ද ඔවුනට දැනේ. අප, අපට හිංසා කරනවාට අකැමැති යි වගේ ම සතුන් ද එයට අකැමැති ය. එනිසා සතුනට ඔබ පුංචි හෝ හිංසාවක් නොකරන්න. ඔවුනට අනුකම්පා කරන්න. ආදරය කරන්න. එය මෙලොවටත්, ඊළඟ ආත්මභාවවලටත් හේතු වන පිනකි.


දැය පුබුදුවාලූ හඬ

“සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව්.!” මේ සිංහ නාදය ඇසෙන විට අපට සිහිපත් වන්නේ සිංහලයන් අවදි කරන්නට ඇප කැප වූ අනගාරික ධර්මපාලතුමායි. කුඩා කල සිට ම රට, දැය, සමය පිළිබඳ තිබූ ඒ දේශප්‍රේමීත්වය නිසා ම ඉංගී‍්‍රසීන් හට එරෙහිව මුහුණට මුහුණ සටන් නොකළත් අධිරාජ්‍ය විරෝධී මහා ජනමතයක් ගොඩනැඟීමට එතුමා සමත් විය. ජාතිය ආගම පුබුදු කිරීමට පුරෝගාමී මෙහෙවරක්, කළ අනගාරික ධර්මපාලතුමා ‘සිරිදේවමිත්ත ධම්මපාල’ නමින් පැවිදි විය. රට දැය සමය පුබුදා සිංහලයන් අවදි කළ මේ මහා වීරවරයාණෝ දැය ම හඬවා දැයෙන් සමුගත්තේ ලක් මවගේ උතුම් පුතකු සේ තම උදාර සේවාව නොපිරිහෙළා තම උපන් බිම වෙනුවෙන් ඉටු කරමිනි.


කඩුපුල් මල්

නිසල රැයේ විකසිත වන
කඩුපුල් මල් කුමාරියේ
රැයෙහි ඇවිත් රැයෙහිම යන
ලස්සන වන මනාලියේ

සඳට වඩා සිසිලයි මට
ලොවම නිදන රාත්‍රියේ
නොනිදා අද පිපී දිලෙනු
කඩුපුල් මල් කුමාරියේ


සතුන්ට ආදරය කරමු

සතුන්ට ද අපට වාගේ පණ තිබේ. අපට යමෙක් හිංසා කළොත් වේදනාවක් ඇතිවේ. කෝටුවකින් හෝ පොල්ලකින් අපේ ශරීරයට ගැසුවොත් තුවාල ඇති වේ. එයින් අපට ඇතිවන අමාරුවට වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ගැනීමට හැකි ය. එහෙත් සතුන් එසේ නොවේ. අසරණය. ඒ නිසා අප කිසි විටෙක සතුන්ට හිංසා නො කළ යුතුයි. සතුන්ට හිංසා කිරීම පාපයකි. අප හැමවිට ම සතුන්ට කරුණාව දැක්විය යුතු ය.


අපේ පන්සල

අපේ පන්සල අඹගහලන්ද ශ්‍රී විවේකාරාමය යි. විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සය නමක් මෙහි වැඩ වාසය කරති. අප විහාරස්ථානය අංග සම්පූර්ණ දර්ශනීය පන්සලක් බව මට සිතෙයි. එහි ශ්‍රී ගුණවංශ දහම් පාසල ද පවත්වයි. මා අපේ පන්සලට හරිම ආදරෙයි.


ථූපාරාමය

ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ පාලකයා වූ දේවානම්පියතිස්ස රජු විසින් මෙම ථූපය ඉදිකරවන ලදී. බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ නිදන් කොට මෙම ථූපය සාදවා ඇත. අනුරාධපුරයේ ප්‍රථමයෙන් ම ඉදි කළ ස්ථූපය නිසා මෙය පඨමක චේතිය යන නමින් ද හැඳින් වේ. එකල මෙම භූමිය කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන්ගේ පාද ස්පර්ශයෙන් අති පාරිශුද්ධියට ලක් වූ ස්ථානයක් බව හැඳින් වේ. බුදුන් වහන්සේ තෙවන වර ශ්‍රී ලංකාවට වැඩම කරවූ අවස්ථාවේ සුළු වේලාවක් සමාධිසුවයෙන් වැඩ හිඳිමින් පාරිශුද්ධියට හා පූජනීයත්වයට පත් මෙම භූමියෙන් ස්ථූපය තැනීමට මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සිදුව ඇත.


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

වැඩිහිටියන්ට ගරු කරමු යන මතෘකාව යටතේ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.


මව්පියන්ට සලකමු

පරිසරය රැකගනිමු

මරදන්කඩවල සුධම්ම හිමි
1 වන වසර
විද්‍යාවාස පිරිවෙන
මිරිගම
සනුජි මිහිරන්දි
4 වන ශ්‍රේණිය
ශ්‍රී සෝමානන්ද දහම්පාසල
හැඟව

සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

665 කේ. ඩබ්. ජී. කවීෂා මධුරංගි - 08 වසර
ශ්‍රී ජයවර්ධනාරාම දහම් පාසල - රදාවාන

666 ගගනි පහන්යා ජයතිලක - 02 වන ශ්‍රේණිය
හොරගස්මුල්ල ප්‍රාථමික විදුහල - මිනුවන්ගොඩ

667 රුවිදි තක්සරා ජයතිලක - 1 වන ශ්‍රේණිය
මියුසිස් විදුහල – කොළඹ

668 ඩබ්.ඒ.ඩී.ජී. එච්. සිරිවර්ධන - 1 වන ශ්‍රේණිය
ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල – කුරුණෑගල

669 එල්. ඩබ්.ඒ. එම්. සසිමාලි විකුම්ශිලා,
09 වන ශ්‍රේණිය, ලක්දාස් ද. මැල් විදුහල කුරුණෑගල

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]