Print this Article


අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පින්කම් මාලාවක්

අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පින්කම් මාලාවක්

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ ප්‍රථම අධිකරණ සංඝනායක වූ වළගම්පුර ශ්‍රී නිකේත ජිනචක්‍ර විහාරයේ හා ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ ආදී කර්තෘවර මැදවෙල ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේගේ 38 වන ගුණ සමරුව හා ගිරාඹේ මංගල මාහිමිපාණන් වහන්සේගේ මහානායක පදවි ප්‍රාප්තියෙන් තුන් වසරක් පිරීම නිමිත්තෙන් සැප්තැම්බර් මස 29 වන දින අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්විණි. අනතුරුව උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවෙන් නායක පදවිය ලැබ සසුන් කෙත හොබවන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පූජෝපහාර පිදීම අමරපුර මහානිකායේ වැඩ බලන මහානායක ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ධම්මානන්ද බුද්ධරක්ඛිත වංශාලංකාර විශ්ව කීර්ති ශ්‍රී පණ්ඩිත ශාස්ත්‍රපති යාලගමුවේ ධම්මිස්සර අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.