Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

නැගෙනහිර පළාතේ අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයේ සිට ආරුගම්බේ දෙසට කිලෝ මීටර් තුනක් එපිටින් පිහිටා ඇති ඓතිහාසික විහාර පින් බිමකි මුහුදු මහා විහාරය. කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගලන්නට පටන් ගත් බවත් ඒ සඳහා රට බේරා ගැනීමට මුහුදට බිලි වීම සඳහා ඉදිරිපත් වූ දේවි කුමරිය පිළිබඳවත් ඇත්තේ ඉතිහාස ගත කතාවකි. එහිදි මුහුදට පා කර යවන ලද ඇය පසුව ගොඩ බසින ලද ස්ථානය මුහුදු මහා විහාරය පිහිටි ස්ථානය ලෙස ජනප්‍රවාදයේ එන සඳහනකි.

කාවන්තිස්ස රජු මෙම ස්ථානය පුදබිමක් කළ බවත් පසුව මහාදාඨික මහා නාග රජු මෙම පින් බිමෙහි විහාරයක් ඉදිකොට පුජා කළ බවත් සඳහන් ය.පුරාවිද්‍යා ලක්ෂණ සහිත බොහෝ දේ මේ වන විට මුහුදු වැලි යට සැඟව ඇති බවද සඳහනක් වෙයි. විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලක් මෙම පුද බිමේ දක්නට හැකි ය. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිම වහන්සේනමක් හා බෝධිසත්වවරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ද පුදබිමේ දැකගත හැකිය. මෑත කාලයේ ඉදිකළ දාගැබත් විහාරස්ථානයට නව එළියක් ලබාදී ඇති අතර අනුරාධපුර යුගයෙන් පසුභාගයට හා මුල්භාගයට අයත් පිළිම ගෙවල් දෙකක නටබුන් ද කැණීම්වලදී හ½දුනා ගන්නට හැකිව තිබෙන අතර මෙවර කවරයේ දක්නට ඇත්තේ මුහුදු මහා විහාරයේ සේයාරුවකි.