[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැවෙන සිත නිවීමට...

දැවෙන සිත නිවීමට...

ජීවිතය තුළ ඇත්තේ බැඳීම් ය.එම බැඳීම් නිසාම අද සමාජය තුළ ඇත්තේ විවිධාකාර ප්‍රශ්නාර්ථයන් ය.මෙය පුද්ගලයාගෙන් පටන් ගෙන සිය කුටුම්බයටත්, ඉන් එපිටට සමාජීය මෙන්ම රටටත් මුළු ලෝකයාටත් ගෙනෙන්නේ ප්‍රශ්නාර්ථයන් පමණි.

ඉන් මිදෙන්නට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය අකාලික ය.එමෙන්ම යථාර්ථවාදීය. හේතු ප්‍රත්‍ය මත උන් වහන්සේ සියල්ල දෙස අනුකම්පාවෙන් බැලූ සේක.මෝහයෙන්, මායාවෙන් මිදෙන්නට මිනිසාට හැකි නම් සියලු දුකින් නිදහස් වන්නට මඟ කියා දුන් සේක. දැවෙන ජිවිත නිවා සැනසිය හැකි මඟ උන්වහන්සේ හෙලිකළ සේක.ඒ නිසාම තමන්ට පමණක් නොව විශ්වයටම සෙත් පැතිය හැකි එකම ආයූධය ඇත්තේ ද අප තුළ බව උන්වහන්සේ අපට පෙන්නා දුන් සේක.

මෛත්‍රි සිත අවධිකර ගැනීම ම බොහෝ විට ජිවිතේට අසිරිමත් දේ සිදුවෙන්නට පුලුවන්.එය එක්තරා අකාරයක හාස්කමක් විය හැකියි.සොබාදහම දෙස බැලුවොත් මේ සියල්ල සිදුවන්නේ අසිරිමත් ලෙස ය. ඉර හඳ තාරකා, සුළං හැමීම, ගහ කොළ පවා සියල්ල අසිරිමත් දේ ය.ඒ නිසා මෛත්‍රි සිතක් ඇති කරගැනීම ම එක්තරා හාස්කම් ඇති කර ගැනීමක් ය.මෛත්‍රි ඇති කර ගැනීම තුළින් මිනිසාට බොහෝ දේ වෙනස් කරගත හැකි ය.ආදරය දයාව කරුණාව තුළ බොහො දේ සිදුවන්නේ ය.අප එය ප්‍රගුණ කළ යුතු ය.

මේ සඳහා නිවැරදි මඟ පෙන්වන්නෙකු සිටිය යුතු වුවද එය ආරම්භයට පමණක් ය.ඉන් පසු අපට මෙය නිදහසේ ප්‍රගුණ කළ හැකි ය.බොහෝ විට සියල්ල සිදුවන්නේ කර්මය නිසායැයි අපි සිතමු.

එහෙත් සමහර කර්ම අපට අහෝසි කර්ම කර ගත හැකිය. ඒ සඳහා ඇති කරගත යුත්තේ අධ්‍යාත්මයෙන් පෝෂිත සිත ය.

එහිදි මෛත්‍රිය, කරුණාව, ආදරණීය සිතක් ඇති කරගැනීම ද මෙහිදි ඉතා වැදගත් කරුණකි.ආදරය යනු ප්‍රේමය යැයි සමහරු සිතන්නේ ය.”ප්‍රේමය යනු රාගයෙන් තොර සඳමඩල මෙන් අචින්ත්‍ය” කියා කියමනක් ඇත.ආදරය නොමැති තැන සියලු දේ හි පැවැත්මක් ද නොමැත.ආදරය යන්න විශ්වයේ අගක් මුලක් කොනක් නැති ධර්මතාවයක් බව බුදුන්වහන්සේ දේශනා කළේ එහෙයිනි.මව පියා , දරුවන්, සහෝදර මෙන්ම මිතුරන් තුළ ඇත්තේ ද ආදරය පමණක්ම ය.එබැවින් ගොඩනඟා ගත යුත්තේ මෛත්‍රි කරුණාව ආදරය පිරුණු හදවතක් ය.එසේ වුවහොත් ලෝකයේ බොහෝ ප්‍රශ්නාර්ථයන්ට නිසි විසඳුම් ලැබෙන්නේ ය.

මෙහිදි වැදගත් වන ප්‍රධාන සාධකය වන්නේ එවැනි සිතක් ඇති කර ගැනීම පිළිබඳ ඇති දැවෙන වුවමනාව ය. ඒ පිළිබඳ ඇති උනන්දුවය.

එමෙන්ම පාන්දර තුන හා පහ අතර කාලය ඉතාම සුදුසු කාලය වන්නේ නම් ඉතා යෝග්‍යය ය.මන්ද පරිසරයේ නිහඬ තාවය මෙන්ම ගතේ ඇති නිශ්චල තාවය සිතේ ඒකාග්‍රතාවයට ඉතා සුදුසු ය.

මේ කාලය තුළ තමන්ට ඉතාම පහසු ක්‍රමවේදයක් යොදාගනිමින් ආසනයකට පැමිණිය යුතු අතර ඉන් පසු සිත නිශ්චල තාවයට පත් කොට මුලින්ම තමන්ටත්, ඉන් පසු සිය සමීපතමයින් හා ඉන්පසු මුළු විශ්වයටම ආදරය පතුරුවන්නට තමන්ට හැකිවේවායි තම සිත ආදරයෙන් පුරවා ගැනීම කළ යුතු ය.මෙය දිගින් දිඟටම සිදුකිරිමෙන් ඇතිවන වෙනස ඔබ අත් දැකිය යුතුම ය. අද සමාජයේ බොහෝ ප්‍රශ්නාර්ථයන් සඳහා ලැබෙන එකම විසඳුම් ඇත්තේ අප තුළම ය.වෛරයෙන් අවෛරය ද, ද්වේශයෙන් මෛත්‍රිය ද ,තණ්හාවෙන් අත් හැරීම ද , ඇති කර ගැනීම තුළින් රටේත්, සමාජයෙත්, ලෝකයේත් සිදුවන දුරාචාරයන්ට ප්‍රශ්නාර්ථයන්ට මෙන්ම විනාශකරි දේට විසඳුම් ලැබේ. මෙත් සිත් පිරුණු ලොවක් නිර්මාණය වීම වැළැක්විය නොහැකිය.මෛත්‍රියෙන් පිරුණු සිතක අධ්‍යාත්මික හාස්කම් දැකිය හැකි වන්නේ එවිට ය.

       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]