[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙන් කතා: සිතේ සාමය සතුට ඇති තැන

සෙන් කතා:

සිතේ සාමය සතුට ඇති තැන

එක් සෙන් ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍යයෙකු සමග කඳු පෙදෙසක අඩි පාරක ඉතා නිශ්ශබ්දව ගමන් කරමින් සිටියේ ය. ඔවුහු පැරැණි දේවදාර ගසක් සමීපයට පැමිණි පසු බත් සහ එළවළු සහිත සාමාන්‍ය ආහාරයක් ගැනීමට එම ගස් සෙවනෙහි වාඩි වූහ.

ආහාර ගැනීමෙන් පසු, තවමත් ආධ්‍යාත්මික ඵලයක් නොලැබූ තරුණ ශිෂ්‍ය භික්‍ෂුව නිශ්ශබ්දතාව බිඳීමින්, “ගුරුතුමනි, කොහොම ද මම මගේ ජීවිතයේ සාමයට ඇතුළු වන්නේ ” යි විචාළේ ය.

නමුත් ගුරුතුමා නිශ්ශබ්ද ය. ඉතා උනන්දුවෙන් ගුරුතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිනුයේ විනාඩි පහක් පමණ කාලය ගතවිය. ශිෂ්‍යයා තවත් ප්‍රශ්නයක් ඇසීමට සූදානම් වෙත්ම ගුරුතුමා එකවරටම,

“ඔබට ඇහෙනවද කන්දෙ දිය පාරෙ සද්දෙ?”

යනුවෙන් ප්‍රශ්න කළේ ය.

ශිෂ්‍යයාට කන්දෙ දිය පාර පිළිබඳ අවධානයක් නොවීය. ඔහු ආධ්‍යාත්මයේ සාමය පිළිබඳ කල්පනා කරමින් පසු විය. දැන් ඔහු ශබ්දය ඇසීමට උනන්දු විය. ඔහුගේ කලබලකාරී මනස තැන්පත් විය. පළමුව ඔහුට කිසිවක් නෑසුණි. පසුව ඔහුගේ දැඩි අවධානය එයට යොමු විය. එකවරටම ඈත පුංචි දිය දහරාවේ කෙඳීරිල්ල අමාරුවෙන් තේරුම් ගැනීමට හැකි විය.

“ඔව්, මට දැන් එය අහන්න පුළුවන්” ශිෂ්‍යයා පැවසී ය.

ගුරුතුමා ඔහුගේ අතේ දබරැඟිල්ල ඔසවා, රෞද්‍ර බව සහ මෘදු බව මුසු ඇසින් යුතුව, “එතනින් ඔබගේ ආධ්‍යාත්මයේ සාමයට ඇතුළු වන්න” කී ය.

ශිෂ්‍යයාට ක්ලාන්ත ගතියක් දැනුණි. අවබෝධයේ දීප්තිය පහළ වූ පළමු අවස්ථාව එය විය. අවබෝධයෙන් තොර ජීවිතය කුමක්ද? අවබෝධ කරගත් දෙය කුමක්ද කියා ඔහුට දැනුණි. ඔවුහු නිශ්ශබ්ද ව ගමන් කරති.

ඔහු වටා ලෝකයේ පැවැත්ම පිළිබඳ ශිෂ්‍යයා මවිත විය. පළමුවරට හැම දෙයක් පිළිබඳව ම අනුභූතිය ඇති විය. කෙසේ නමුත් ක්‍රමයෙන් නැවතත් ඔහු කල්පනා කළේය.

නැවතත් තියුණු නිශ්චලතාව මනසේ නොසන්සුන්තාවෙන් වසා ගති. වැඩි වේලාවක් නොගොස් ඔහුට තවත් ප්‍රශ්නයක් ඇති විය.

“ගුරුතුමනි, මා මේ කල්පනා කළේ මට කන්දෙහි දිය පහරෙහි ශබ්දය නොඇසුණේ නම් ඔබ තුමා කුමක් කියන්නේ දැ”යි විමසී ය.

ගුරුතුමා නතර වී ඔහු දෙස බැලී ය. දබරැඟිල්ල ඔසවා “එතනින් ඔබගේ ආධ්‍යාත්ම සාමයට ඇතුළුවන්න” යයි පැවසී ය.

ආදර්ශය: ජීවිතයේ සතුට, සාමය, ආධ්‍යාත්මික සුවය දැනෙනුයේ සන්සුන් මනසක් ඇති විටයි. අනවශ්‍ය සංකල්පවලින් කැළඹුණු මනසට සාමයක් නැත. සතුටක් නැත.

       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]