Print this Article


මලක මහිම

මලක මහිම

පිනි හැලෙන ප්‍රභාතයේ
පිපුණු මල් පෙති අතරෙ
රැඳුණු පිනි කඳුළු කැට
මඳ පවනෙ පිසලන්න

නිසා කල නෙත කඳුළු
සිනාවෙන් සරසන්න
සැඩ සුළං මහ වැස්ස
සමඟ නොසැලී ඉන්න

සුවඳපිරි මතකයක්
ලොවේ රඳවා ගන්න
දිවි ගෙවන නිමේෂය
ලොවක් හැඩ කරවන්න

නො ඉල්ලා කිසිවක් ම
බොහෝ දේ දී යන්න
මලකට ම මිස තවත්
වෙනකාට කළ හැකි ද