[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාලි පාඩම: 42 කොටස

42 කොටස

මංගල වග‍්ගො-පුබ‍බණ‍හසුත‍්තං

(අ.නි. තික නිපාතයේ මංගල වර්ගය 10 සූත්‍රය)

1. යෙ - යම්
2. භික‍්ඛවෙ - මහණෙනි
3. සත‍තා - සත්ත්වයෙක්
4. පුබ‍බණ‍හසමයං - පෙරවරු කාලයේ/ උදේ
5. කායෙන - කයෙන්
6. සුචරිතං - යහපත්දේ/ සුචරිතයෙහි
7. චරන‍ති - හැසිරෙති
8. වාචාය - වචනයෙන්
9. මනසා - මනසින්
10. සුපුබ‍බණ‍්හො - සුභ උදෑසනක්
11. තෙසං සත‍තානං - ඒ සත්ත්වයින්ට
12. මජ‍ඣන‍තික සමයං- දවල් කාලය
13. සුමජ‍ඣන‍තිකො - සුභ දහවලක්
14. සායන‍හසමයං - සවස් කාලය
15. සුසායන‍්හො - සුභ සැන්දෑවක්

මංගල වග‍්ගො

(අ.නි. තික නිපාතයේ මංගල වර්ගය 01 සූත්‍රය)

පුබ‍බණහසුතතං

‘යෙ , භික‍්ඛවෙ, සතතා පුබ‍බණහසමයං කායෙන සුචරිතං චරනති , වාචාය සුචරිතං චරනති, මනසා සුචරිතං චරන‍ති, සුපුබබණ‍්හො, භිකඛවෙ, තෙසං

සත‍තානං.

‘‘යෙ, භික‍ඛවෙ, සත‍තා මජ‍ඣන‍තිකසමයං කායෙන සුචරිතං චරන‍ති, වාචාය සුචරිතං චරන‍ති, මනසා සුචරිතං චරන‍ති, සුමජඣනතිකො, භිකඛවෙ, තෙසං සත‍තානං. ‘‘යෙ , භික‍ඛවෙ, සත‍තා සායන‍හසමයං කායෙන සුචරිතං චරන‍ති, වාචාය සුචරිතං චරන‍ති, මනසා සුචරිතං චරන‍ති, සුසායන‍්හො, භික‍ඛවෙ, තෙසං සතතාන’’න‍ති.

සිංහල තේරුම

“මහණෙනි, යම් සත්ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙත් ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත් ද, සිතින් සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ

සත්වයන්ට යහපත් පෙරවරු කාලයක් වෙයි.

“මහණෙනි, යම් සත්ව කෙනෙක් මධ්‍යහන කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙත් ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත් ද, සිතින් සුචරිතයෙහි හැසිරෙත් ද,

මහණෙනි, ඒ සත්ත්‍වයන්ට යහපත් මධ්‍යහන කාලයක් වෙයි.

“මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් සවස් කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙත් ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත් ද, සිතින් සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ

සත්වයන්ට යහපත් සවස් කාලයක් වෙයි.

මෙම පාඩම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 08.45 ට බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ ද (The Buddhist TV) සඳුදා සවස 03.30 ට බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවේ ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. www. the buddhist TV / Magadhi (මාගධී) හෝ kotaneluwe thero (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.

   බිනර පුර අටවක පෝය 

    අගෝස්තු 25 අඟහරුවාදා අපරභාග 12.22න් පුර අටවක පෝය ලබා 26 බදාදා පූර්වභාග 10.39 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]