Print this Article


දානය වැදගත් ඇයි ?

පින්වත්නි, දානය අප මෙතරම් අගය කරන්නේ ඇයි? මෙතරම් ඉහළින් වර්ණනා කරන්නේ ඇයි? ඔබ දන්නවාද?

* දස පාරමිතා අතර පළමුවැන්න දානය යි

* දස උප පාරමිතා අතර පළමුවැන්න දානය යි

* දස පරමත්ථ පාරමිතා අතර පළමුවැන්න දානයයි

* දස රාජ ධර්ම අතර පළමුවැන්න දානය යි

* සතර සංග්‍රහ වස්තු අතර පළමුවැන්න දානය යි

* ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර පළමුවැන්න දානය යි

මේ ආකාරයට බැලුවම සෑම තැනම පළමු තැනට දානය පැමිණියේ ඇයි? දන්දීම, සිල්රැකීමට වඩා පහසුයි. සිල් රැකීම භාවනා කිරීමට වඩා පහසුයි.

ඒනිසා දාන, සීල, භාවනා ලෙසින් පෙළගස්වා ඇත. වෙසක් පොහොයට දන්සැල් දෙන්න බොහෝ දෙනා ඉදිරිපත් වෙති. එහෙත් සිල් සමාදන් වෙමුයි, කීවොත් බොහෝ දෙනා පසුබට වෙති. භාවනා කරමුයි කීවොත් තවත් පිරිස අඩු වේ. ඒ අනුව පෙනී යන්නේ ද ශ්‍රද්ධාව ඇති කරගෙන, පළමුව දානයෙන් ආරම්භ කිරීම වඩා යහපත් බව නොවේ ද?