Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 320/ඒ මහගම හොරම්පැල්ල මිනුවන්ගොඩ යන ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්. පී. සී. කුමුදුනී වීරතුංග යන අය දරුණු වකුගඩු රෝගයෙන් පීඩා විඳින බව කියයි. වයස අවුරුදු 56ක් වන තිදරු මවක් බව ද කියයි. කොළඹ ජාතික රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතාගේ වෛද්‍ය නිර්දේශය අනුව “ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කියයි.

පරිත්‍යාගශීලියෙක් වේ නම් 0771332088 හෝ 0779041516 දුරකතනයෙන් වැඩි විස්තර විමසිය හැකි බව ද කියයි.

අයිවන් නිශ්ශංක – දිවුලපිටිය සමූහ

****

සුදස්සී මාවත, හිත්තටිය නැගෙනහිර මාතර පදිංචි ලියනගමගේ පියරත්න යන අය හෘද රෝගී තත්වයෙන් පෙළෙන බව කියයි. කරාපිටිය රෝහලේ හෘද රෝග විශේෂඳ වෛද්‍ය එච්. ඩී. සමරසිංහ මහතා ඉතා ඉක්මනින් බයිපාස් ශල්‍ය කර්මයක් කරන ලෙස නිර්දේශ කර ඇති බව ද කියයි.

එම ශල්‍ය කර්මය සඳහා රුපියල් ලක්ෂ අටකට වැඩි මුදල් ප්‍රමාණයක් වැය වන බව ද ස්ථිර රැකියාවක් හෝ වෙනත් ආදායම් මාර්ගයක් නොමැති ආර්ථික අපහසුතාවෙන් ජීවත්වන තිදරු පියෙක් වන ඔහුට එවැනි මුදලක් ඉක්මනින් සොයා ගැනීම අපහසු වී ඇති බව ද කියයි.

පරිත්‍යාශීලියෙක් වේ නම් මාතර සමෘද්ධි බැංකුවේ එස්. එන්. නයනා නිල්මිණි ගිණුම් අංක 19/1648 යොමු කරන ලෙස කියයි.