Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

බරණැස පටන් උරුවෙලාව තෙක් පිහිටි මාර්ගයේ වඩිනා බුදු රජාණන් වහන්සේ මහා වනයේ පිහිටි කැප්පෙටියා ලැහැබක් දැක එහි රුකක් මුල වැඩ හුන් සේක.

ඒ මොහොතේ සිය බිරියන් හා භද්‍රවර්ගිය කුමරුවෝ එම වන ලැහැබෙහි ප්‍රීතියෙන් ඇවිද්දෝ ය.එහිදි එක් ස්ත්‍රියක නැති කුමරුවෙකු නගර සෝබනිය කැඳවා වනයෙහි ඇවිද ගියේ ය. එහිදි එම ස්ත්‍රිය කුමරු මඟහැර ඔහුගේ වස්තුව රැගෙන පළා ගියා ය.කුමරුහූ ඇය සොයමින් ඇවිද යන අතර මඟ භාග්‍යවතුන් වහන්සේ දැක පැමිණ ස්ත්‍රිය පිළිබඳ විමසූහ.

“දරුවනි, තමන් සොයා ගැනීම වඩා උතුම් ද නැතහොත් ස්ත්‍රියක සොයා යෑම වඩා උතුම් දැයි බුදු රජාණන් වහන්සේ ඇසූ සේක.ස්වාමීනි අපි අපම සොයන්නේ නම් ඒ සෙවීම උතුම් යැයි ඔවුහු උත්තර දුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දාන කතා ශීල කතාදී පිළිවෙල කතායෙන් අවවාද අනුශාසනා කළ සේක.එය ඇසීමෙන් ඔවුනට දහම් ඇස පහළ වූ අතර බුදු රජාණන් වහන්සේ ඒහි භික්ෂු සම්පත්තියෙන් ඔවුන් පැවිදි උපසම්පදා කළ සේක.