Print this Article


අටවිසි බෝධි පුරාණය 07: පූජනීයත්වයට පාත්‍ර වූ අටවිසි බෝධින් වහන්සේ

පූජනීයත්වයට පාත්‍ර වූ අටවිසි බෝධින් වහන්සේ

සුමේධ බුදුරජාණන් වහන්සේ
කොළොමි බෝධිය (බක්මී)

බෝධි තස්ස භගවතෝ මහානිපෝති වුච්චති

ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කොළොම් රුක යැයි කියනු ලැබේ. මෙම බෝධිය බක්මී ගස වශයෙන් සද්ධර්මරත්නාවලියෙහි අර්ථ දක්වා ඇත.

සුජාත බුදුරජාණන් වහන්සේ
මහ උණ බෝධිය

බෝධි තස්ස භගවතෝ මහා මේලුති වුච්චති

ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය මහ උණ යැයි කියනු ලැබේ යනුවෙන් . බුද්ධ වංශ පාලියෙහි 144- 145 පිටුවෙහි සඳහන් වේ.

පියදස්සී බුදුරජාණන් වහන්සේ
කුඹුක් බෝධිය

බෝධි තස්ස භගවතෝ කකුධෝති පවුච්චති

ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කකුසධ යැයි බුද්ධ වංශ පාලියෙහි 150, 151 පිටුවල අන්තර්ගත වේ.

අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ
සපුබෝධිය

බෝධි තස්ස භගවතෝ චම්පකෝති පවුච්චති

ඒ භාග්‍යවතුන්ගේ බෝධිය සපු යැයි කියනු ලැබේ. යනුවෙන් බුද්ධවංශ පාලියෙහි 156 - 157 පිටුවෙහි ඇතුළත් වේ.

ධම්මදස්සී බුදුරජාණන් වහන්සේ
රත්කරව් රුක් බෝධිය

බෝධි තස්ස භගවතො බිම්බිජාලෝති වුච්චති

ඒ භාග්‍යවතුන්ගේ බෝධිය රත්කරව් රුක යැයි කියනු ලැබේ යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 162 - 163 පිටුවෙහි සඳහන් වේ. සද්ධර්මරත්නාවලියෙහි කුඹුක්ගස බෝධිය වූයේ යැයි යනුවෙන් සඳහන් වෙයි. සද්ධර්මාලංකාරය කිණිහිරි බෝධි මූලය වශයෙන් එය හඳුන්වා ඇත.

සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ
කිණිහිරි බෝධිය

බෝධි තස්ස භගවතෝ කණිකාරෝති වුච්චති

ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කිණිහිරි යැයි කියනු ලැබේ. යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 168, 169 පිටුවල සඳහන් වේ.

තිස්ස බුදුරජාණන් වහන්සේ
පියා බෝධිය (කොහොඹ)

බෝධි තස්ස භගවතෝ අසනෝති පවුච්චති

ඒ බුදුන්ගේ බෝධිය පියා රුක් යැයි කියනු ලැබේ. යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 174 - 175 පිටුව සඳහන් වේ. ඇඹුලු බෝමුල් හී තණ සලා වගුරුවා යනුවෙන් සද්ධර්මාලංකාරයෙහි මෙය අර්ථ දක්වා ඇත.