Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අභිමුව ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද ලැබූ යසකුල පුතු මහණ වූ පුවත ඇසූ මිතුරන් සිව්දෙනෙකු වූ විමල, සුබාහු , පුණ්ණජි , ගවම්පති යන සිටුකුල පුතුන්ද බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ සෝවාන් ව ඒහි භික්ෂු සම්පත්තිය ලැබූහ. නැවත ද භාග්‍යවතුන් වහන්සේ ඔවුනට බණ වදාළ සේක. එය ඇසූ ඒ භික්ෂූහු සියලු කෙලෙස් නසා රහත් භාවයට පත්වූහ.