Print this Article


අටවිසි බෝධි පුරාණය -06: සම්මා සම්බුද්ධත්වයට උපකාර වූ බෝධීන් වහන්සේ

සම්මා සම්බුද්ධත්වයට උපකාර වූ බෝධීන් වහන්සේ

කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ

සල්කලන බෝධිය

සාල කල්‍යාණිකො බෝධි කොණ්ඩඤ්ඤස්ස මහසිනො

යනුවෙන් බුද්ධ වංශයෙහි 66 වන පිටුවෙහි ඇතුළත් ගාථා පාඨයෙන් ඒ බව තවදුරටත් තහවුරු වේ.

මංගල බුදුරජාණන් වහන්සේ

නා බෝධිය

බෝධිතස්ස භගවතො නාගරුක්ඛෝති වුච්චති

ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය නාග වෘක්ෂය යැයි කියනු ලැබේ. යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 74 වන පිටුවෙහි සඳහන් වේ.

සුමන බුදුරජාණන් වහන්සේ

නා බෝධිය

සෝපි බුද්ධෝ අමිතත යසෝ නාගමූලේ අබුජ්ඣථ

අප්‍රමාණ වූ යසස් ඇති ඒ බුදුහුදු නාග වෘක්ෂයෙහි බුද්ධත්වයට පැමිණියහ. යනුවෙන් බුද්ධ වංශයෙහි 82 වන පිටුවෙහි සඳහන් ගාථා පාඨයෙන් ඒ බව ප්‍රකට වේ.

රේවත බුදුරජාණන් වහන්සේ

නා බෝධිය

සෝපි බුද්ධෝ අසමසමෝ නාගමූලේ අබුජ්ඣථ

යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි සඳහන් වේ. අසමසම වූ ඒ බුදුරජාණන් වහන්සේ නාග වෘක්ෂ මූලයෙහි දී අධිගම කළහ. යනුවෙන් බුද්ධ ජයන්තියේ පරිවර්තනය කර ඇත.

සෝභිත බුදුරජාණන් වහන්සේ

නා බෝධිය

බුජ්ඣමානෝ ච සෝ බුද්ධෝ නාග මුලේ අබුජ්ඣථ

යනුවෙන් ඒ බුදුරජාණන් වහන්සේ සත්‍යවබෝධ කරන්නාහු නාග වෘක්ෂය මූලයෙහි බුද්ධත්වයට පත් වූ බව බුද්ධ වංශ පාලියේ 96 වන පිටුවේ ඇතුළත් වේ.

අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ

කුඹුක් බෝධිය

බෝධි තස්ස භගවතෝ අජ්ජුනෝති පචුච්චති

ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය අර්ජුන (කුඹුක්) යැයි කියනු ලැබේ. යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 106 පිටුවෙහි සඳහන් වේ.

පදුම බුදුරජාණන් වහන්සේ

හාසෝණ බෝධිය

බෝධි තස්ස භගවතෝ මහාසෝණොති වුච්චති

ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය මහාසෝණ යැයි කියනු ලැබේ. සද්ධර්මාලංකාරයෙහි අභිනීහාර වර්ගයේ මහමුරුත බෝධීන් වහන්සේ කරා එළඹ අට තිස් රියන් තණ ඇතිරියෙහි වැඩ හිඳ කෙලෙසුන් සිඳ බුදු වූ බව සඳහන් වේ. සද්ධර්මාලංකාරයෙහි මහාසෝණ යන වචනය මහා මුරුත යනුවෙන් පරිවර්තනය කොට ඇත. ඉන්පසු රචනා වූ සද්ධර්මරත්නාවලියෙහි මේ බෝධීන් වහන්සේ උණ බෝධිය වශයෙන් සඳහන් කරයි. එනම් “ඔබට බෝධිය වූයේ උණ ගස් ය”. යන පාඨයෙන් ඒ බව තහවුරු වේ.

නාරද බුදුරජාණන් වහන්සේ

 මහා සෝණ බෝධිය

බෝධි තස්ස භගවතෝ මහාසෝනොති වුචිචති

සද්ධර්මාලංකාරයෙහි සුළු මුරුත බෝ මුල්හි යනුවෙන් ද, සද්ධර්මරත්නාවලියෙහි බෝධි වූයේ මුරුත ගසකැ යනුවෙන් ද අන්තර්ගත වේ.

නාරද බුදුරජාණන් වහන්සේගේ පිටදුන් බෝධිය මහාසෝණ බෝධිය යනුවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ බුද්ධ වංශයෙහි සඳහන් වේ. එය ඉහත සඳහන් කළ පරිදි සද්ධර්මාලංකාරයේත්, සද්ධර්මරත්නාවලියේත් මහ මුරුත යනුවෙන් ද පරිවර්තනය කොට ඇත.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ

සලල බෝධිය (සල් බෝධිය)

බෝධි තස්ස භගවතෝ සලලෝති පචුචිචති

ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය සලල යැයි කියනු ලැබේ. සද්ධර්මරත්නාවලියෙහි පියුම තුරා බුදුරජාණන් වහන්සේ වශයෙන් විස්තර කොට ඇත්තේ මෙම බුදුරජාණන් වහන්සේ ය. පදුමුත්තර යන පාලි වචනය සද්ධර්මරත්නාවලියෙහි පියුමතුරා යනුවෙන් සිංහලට බිඳගත් ආකාරය සඳහන් ය.