[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ජන කවි

ජන කවි යනු පරම්පරාවෙන් පරම්පරාවට පැමිණ ආරක්ෂා වී පැවත එන මාධ්‍යයකි. බොහෝමයක් උගතුන් කියන්නේ සම්භාව්‍ය සාහිත්‍යයන් බිහිවීමට පෙර මෙම ජන කවි බිහි වූ බවයි. ගැමියන් තමන්ගේ අදහස් රටට කියන්නට ද මෙම ජන කවි යොදා ගෙන ඇත. ජන කවි මිනිසාගේ විවිධ සිතිවිලි ඉදිරිපත් කරන්නට හැකි සාහිත්‍යයකි. ජනකවි යනු අපගේ උරුමයකි. එය නො නැසී පවත්වාගෙන යෑමට අප වෙහෙස ගත යුතු යි.

****

ලෝකයම සුවපත් වේවා

චීනයේ වූහාන් වලින්
ආවානේ වෛරසයක්
කොවිඩ් කියා ලොවම දන්න
මහ විසාල වෛරසයක්

වෛද්‍යවරු හෙද හෙදියන්
රෝගීන් සුව කරන්නේ
පොලිසියෙ හමුදාවෙ අයත්
රට ආරක්ෂා කරන්නේ

ගොවි ගෙවිලියෙන් මහන්සි වී
දැයට සහල් බෙදන්නේ
පන්සල් කෝවිල් වලිනුත්
සිත සුවපත් කරන්නේ.

කොරෝනාව දුරු වේවා
ජනතාවට සුව වේවා
සියලු දෙනට සෙත් වේවා
ලෝකෙම සුවපත් වේවා

****

ආනන්ද මහ රහතන් වහන්සේ

ආනන්ද තෙරුන් වහන්සේ බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායකයාණන් වහන්සේවේ. උන්වහන්සේ මෙලොව බිහි වුණේ අප සිද්ධාර්ථ කුමරු බිහි වූ දා ම ය. ගෞතම බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික තනතුර උන්වහන්සේ ලබා ගත්හ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට මහත් ගෞරවයෙන් උපස්ථාන කළහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන බව පළමුව වදාළේ ආනන්ද තෙරුන් වහන්සේ ට බව ඉතිහාස පොත්වල සඳහන් ව ඇත.

****

මගෙ අම්මා

එගොඩ ගොඩෙත් රත්තරං
මෙගොඩ ගොඩෙත් රත්තරං
එගොඩ මෙගොඩ
රන් කුමටද?
මගෙ අම්මා රත්තරං

****

අපේ උරුමය

අප බුදුපියාණන් වහන්සේගේ අසූහාර දහසක් ධර්මස්කන්දයෙන් ස්පර්ශ ලැබූ වාම ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන විෂ්ණු කතරගම, සමන්, පත්තිනි දේවාල සහභාගිත්වයෙන් වාර්ෂික ව ඇසළ මස පැවැත්වෙන පූජා මංගල්‍යය සෙංකඩගල පුර දළදා පෙරහර යි.

මෙය අපේ බෞද්ධ සංස්කෘතික අනන්‍යතාවන් එකම ස්ථානයක දී ප්‍රදර්ශනය කරන පුණ්‍යොත්සවයකි. කසකරුවාගේ පටන් සංදර්ශනයේ අවසානය දක්වා ලක්දිවට ආවේණික වූ නැටුම්, ගැයුම්, වැයුම් විවිධ සම්ප්‍රදායන් ඔස්සේ පෙළ ගැසී ඇත. කොඩි, සේසත් හා පංචතූර්ය නද මැද ශ්‍රී දළදා කරඬුව හිස මත වැඩමවාගත් මංගල හස්ති රාජයා සිය ගණනක් අලි, ඇතුන් පිරිවරා උඩු වියන් සහිත ව පාවඩ පිට පියවර තැබීම හා රාජ සභාව සංකේතවත් කරමින් දියවඩන නිලමේ ප්‍රධාන නිලතල දරන්නන් සම්ප්‍රදායික නිල ඇඳුමින් සැරසී ගමන් කිරීම පෙරහරේ ගාම්භීරත්වය විදහා දක්වයි. චාරිත්‍රානුකූල ව අඩ මසකින් මෙම පූජෝපහාර මංගල්‍යය නිමා වන්නේ මුළු රටටම ආශිර්වාද පතා දිය කැපීමේ මංගල්‍යයෙනි.

****

මගේ පාසල

මගේ පාසලේ නම බප/ගම්/ හේමමාලි මහ විද්‍යාලය යි. එය බස්නාහිර පළාතේ ගලහිටියාව ග්‍රාමයේ පිහිටා ඇත. මගේ පාසල ඉතා දර්ශනීය යි. ළමා කී‍්‍රඩා පිටියක්, සෙල්ලම් මිදුලක්, පුස්තකාලය, බුදු මැදුරක් මගේ පාසලේ ඇත. මගේ පාසලේ විදුහල්පතිතුමා සී. හෙට්ටිආරච්චි මහතා ය. නියෝජ්‍ය විදුහල්පතිවරු දෙදෙනෙක් මගේ පාසලේ සිටිති. සියලුම ගුරු මව්පියවරු අපට ආදරයෙන් ඉගෙනුම් කටයුතු සිදු කරති. අපි ද ඔවුන්ට ඉතා ගරු කරමු. ආදරය කරමු. මගේ පාසලේ එක ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා ශ්‍රේණි ඇත. මම මගේ පාසල් මාතාවට ඉතා ගෞරවයක්, ආදරයක දක්වමි.

****

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

645 බී.එච්. හෙෂානි සෙව්මිණි - 7 වන ශ්‍රේණිය
ශ්‍රී ධර්මාරාම දහම් පාසල - දොඩන්දූව

646 ජෙත්මි සේසිදී ජයසේකර - 6 වන ශ්‍රේණිය
ශ්‍රී සුධර්මවර්ධන දහම් පාසල -අවිස්සාවේල්ල

647 එස්.කේ. යෙහෙනි සමාධි - 05 වන ශ්‍රේණිය
බොල්ලත ධර්මකීර්ති දහම් පාසල -ගණේමුල්ල

648 එච්. ඒ. අශේන් ඉමංශ - 07 වන ශ්‍රේණිය
සිරිසුමනතිස්ස දහම් පාසල මාතර

649 මරදන්කඩවල සුධම්ම හිමි - 1 ශ්‍රේණිය
විද්‍යාවාස මහා පිරිවන මීරිගම

****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

අපි පරිසරයට ආදරය කරමු යන මතෘකාව යටතේ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.

   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]