[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටවිසි බෝධි පුරාණය 05: දීපංකර බුදුරජාණන් වහන්සේ පිටදුන් පළොල් බෝධිය

දීපංකර බුදුරජාණන් වහන්සේ පිටදුන් පළොල් බෝධිය

ත්‍රිපිටකයෙහි දීඝ නිකායේ බුද්ධ වංශයෙහි බුදුරජාණන් වහන්සේලා පිළිබඳ ව තොරතුරු සඳහන් ව ඇති බවට ඉහත ලිපි මාලාවෙහි අන්තර්ගත විය. විපස්සී බුදුරජාණන් වහන්සේ, සිඛී බුදුරජාණන් වහන්සේ, වෙස්සභූ බුදුරජාණන් වහන්සේ, කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කස්සප බුදුරජාණන් වහන්සේ හා ගෝතම බුදුරජාණන් වහන්සේ යන තථාගතයන් වහන්සේලා පිළිබඳ දීඝ නිකායේ මහාපදාන සූත්‍රයේ විස්තර වේ.

බුදුරජාණන් වහන්සේලා සත් නමක් හා බුදුරජාණන් වහන්සේලා 18 නමක් වශයෙන් පස්විසි බුදුරජාණන් වහන්සේලා පිළිබඳව බුද්ධවංශ පාලියේ විස්තර සඳහන් ය.

එම තථාගතයන් වහන්සේලාට පෙර වැඩ විසූ බුදුරජාණන් වහන්සේලා තෙනමක් පිළිබඳව බුද්ධවංශ පාලියේ බුද්ධ ප්‍රකීර්ණක ඛාණ්ඩයෙහි සඳහන්වේ.

එනම්, තණ්හංකර බුදුරජාණන් වහන්සේ, මේධංකර බුදුරජාණන් වහන්සේ සහ සරණංකර බුදුරජාණන් වහන්සේ යනුවෙන් වැඩ සිටි බව ය. එම බුදුරජාණන් වහන්සේලා තුන් නම පිළිබඳ පහත සඳහන් ගාථාවෙන් තවදුරටත් පැහැදිලි වේ.

අපරිමෙය්‍යෙ ඉතො කප්පේ චතුරෝ ආසුං විනායකෝ
තණ්හංකෙරෝ මේධංකරෝ අථොපි සරණංකරෝ
දීපංකරෝච සම්බුද්ධෝ ඒකක ප්පම්හි තෙ ජිනා

යනුවෙන් බුද්ධ වංශ පාලියෙහි 240වන පිටුවෙහි සඳහන් ය. ඉහත සඳහන් කළ තණ්හංකර, මේධංකර, සරණංකර යන තථාගතයන් වහන්සේලා තෙනම පිළිබඳ විස්තර ත්‍රිපිටකයෙහි ඇතුළත් නොවන අතර, ඒ පිළිබඳව නාම මාත්‍ර වශයෙන් සඳහන්ව ඇත. සතර බණ වර හෙවත් පිරිත් පොතේ උප ග්‍රන්ථයෙහි

තණ්හංකරෝ මහා වීරෝ - මේධංකරෝ මහායසෝ
සරණංකරෝ ලෝකහිතො දීපංකරෝ ජුතින්ධරෝ

ආදී වශයෙන් අටවිසි පිරිත නමින් විශේෂ පිරිතක් ඇතුළත් වේ. එම අටවිසි පිරිත සතර බණවරයට අයත් නොවේ. සතර බණ වරයට අයත් නොවන එම අටවිසි පිරිත පිරිත් පොතේ උප ග්‍රන්ථයෙහි සඳහන් වේ. එය දඹදෙණි යුගයෙන් පසු රචනා වූවක් බවත්, එම අටවිසි පිරිත දඹදෙණි යුගයෙන් පසුව පිරිත් පොතට එකතු වූ බවත් ඇතැම් පඬිවරුන්ගේ අදහස ය.

එම අටවිසි පිරිත හේතුකොටගෙන අටවිසි බුදුරජාණන් වහන්සේලා බෞද්ධ ජන සමාජයේ ප්‍රචලිත විය. අප බුදුරජාණන් වහන්සේලා පිටදුන් බෝධීන් පිළිබඳව තොරතුරු නාම මාත්‍රයෙන් මෙසේ සඳහන් වේ.

නන්දා චෙව සුනන්දා ච අහෙසුං අග්ගසාවිකා
බෝධි තස්ස භගවතෝ පිඵ්ඵලීතී පවුචිචති

ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය පළොල් යැයි කියනු ලැබේ යැයි ඉහත බුද්ධ වංශයෙහි සඳහන් ගාථාවෙන් ප්‍රකට වේ. දඹදෙණි යුගයේ ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මරත්නාවලියෙහි සූවිසි විවරණයේ දීපංකර බුදුරජාණන් වහන්සේ දිවකුරු බුදුන් වශයෙන් සිංහලට බිඳගෙන ඇත. දිවකුරු බුදුරජාණන් වහන්සේ යනුවෙන් සිංහලට බිඳගත් වචනය දීපංකර බුදුරජාණන් වහන්සේ ව හඳුන්වන බව තවදුරටත් මෙහිදී සඳහන් කළ යුතුව ඇත. එසේම පිප්ඵලී යන පාලි නාමය පළොල් යනුවෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයෙහි සඳහන් ය. එහෙත් සද්ධර්මරත්නාවලියෙහි එය පුලිල යනුවෙන් සඳහන් කොට ඇත.

   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]