Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලැබූ යස භික්ෂූන් වහන්සේ කැටුව බුදුරජාණන් වහන්සේ සිටු මැදුරට වැඩිය කල්හි යස භික්ෂූන් වහන්සේගේ මව වූ සුජාතා සිටු දියණියත්, පෙර ගිහි කල භාර්යාවද පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්හ.දාන කථා, සීල කථා ස්වර්ග කථාදී පිළිවෙළ කථායෙන් භාග්‍යවතුන් වහන්සේ ඔවුනට දහම් දෙසූ සේක. දහම් ඇසීමෙන් ප්‍රසන්න වූ ඔවුහු සෝවාන් ඵලයට පැමිණ තෙරුවන් සරණ ගියහ.