Print this Article


පියාට කීකරු වූ දියණිය

පියාට කීකරු වූ දියණිය

ඇය සැවත් නුවර ධනවත් කුලයක උපන් රූප සම්පත්තියෙන් අගතැන්පත් කුමාරිකාවකි.

ඇයගේ දෙනුවන් නිලුපුල් පෙති පැහැයෙන් යුක්ත වූ බැවින් උප්පලවණ්ණා යන නාමය තබන ලදී.

ඇයගේ මෙම සිත් ඇදගන්නා සුළු රූප සම්පත්තිය නිසාම සැවැත්නුවර බොහෝ ධනවත් රාජ කුමාරවරු,සිටු කුමාරවරු ඇගේ අත පතා මංගල යෝජනා ගෙන එන්නට විය.

යම් හෙයිකින් එක් කුමරෙකුට සිය දූ කුමරිය විවාහ කර දුනහොත් අන් කුමාරවරු තමන් සමග උරන වන බව ඇගේ පියාණන් සිතන්නට විය.

අනතුරුව එකී ගැටුම්කාරී තත්වයක් ඇති නොවීමට නම් තම දියණිය මෙහෙණි ආරාමයක් වෙත භාර දීමට කටයුතු කළ යුතු බව උප්පලවණ්ණා කුමරියට සිය පියාණන් පැවසූ විට,ඇය ඊට එකඟ විය.

පැවිදි බවට පිළිපන් උප්පලවණ්ණා භික්ෂුණියට පොහොය ගෙය ඇමදීම,පහන් දැල්වීම යනාදී වතාවත් කිරීමටද සිදුවිය.

දිනක්,දැල්වෙන පහන් සිළුව නිමිතිකොටගෙන තේජොකසිණාරම්මරණය වඩා ද්‍යාන උපදවා රහත් භාවයට පත්විය.

ඒත් සමගම සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමේ හැකීයවක් ද ඇතිවිය. දිනක පිඬුසිගා වැඩ සිටි උප්පලවණ්ණා තෙරණිය නැවත ආරමය කෙරෙහි පැමිණ තම කුටියට ප්‍රවේශ වනවාත් සමග සැඟව සිටි දූර්තකයෙකු විසින් ඇයගේ පාරිශුද්ධ භාවය කෙලෙසීමට තැත්කරන ලදී.ඒ ගිහිකල ඇගේ රූප සම්පත්තියෙන් මත්ව සිටි නන්ද නම් තරුණයෙකි.

එදා මහ රහතන් තෙරණියක් කෙලෙසීමට තැත් කිරීමේ පව නිසා ඔහු නිරයට ඇද වැටුණි.

අවසන තෙරණියගේ පූර්ව ජන්මයෙහි වූ ප්‍රාර්ථනයක් සපත වෙමින් භික්ෂූණී ශාසනයේ අග්‍ර ශ්‍රාවිකා තනතුරද හිමි විය.