Print this Article


අරුත් දැන නිතියෙන පහන් සුවඳ දුම් පුදමු සැදැහෙන

අරුත් දැන නිතියෙන පහන් සුවඳ දුම් පුදමු සැදැහෙන

ඝන සාරප්ප දිත්තෙන දීපෙන තම ධං සිනා
තිලොක දීපං සම්බුද්ධං පූජයාමි තමොනුදං

තුන්ලෝකයට ප්‍රදීපායමාන වූ, මොහඳුර වනසාලන බුදුරජාණන් වහන්සේ කපුරු පහනින් පුදමි.

සුවඳ පූජා කිරීම

සුගන්ධිකාය වදනං
අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනාහං ගන්ධෙන
පූජයාමි තථාගතං

අපමණ ගුණ සුවඳ ඇති, සුවඳවත් මුඛය හා ශරීරය ඇති තථාගතයන් වහන්සේ මේ සුවඳින් පූජා කරමි.

සුවඳ දුම් පූජා කිරීම

ගන්ධ සම්භාර යුත්තෙන
ධූපෙනාහං සුගන්ධිනා
පූජයෙ පූජනීයන්තං
පූජා භාජන මුත්තමං

සුවඳ සම්භාරයෙන් යුක්ත වූ සුගන්ධ ධූමයෙන් (සුවඳ දුමෙන්) ඒ උතුම් පූජාවට භාජන වූ සර්වඥයන් වහන්සේ පුදමි.