Print this Article


පූජා නගරයේ පින්බර ආශ්‍රමය ශ්‍රී අංගීරස යෝගාශ්‍රමය

පූජා නගරයේ පින්බර ආශ්‍රමය ශ්‍රී අංගීරස යෝගාශ්‍රමය

බොදු අභිමානයක මං සලකුණු ගොඩනැගෙන ඓතිහාසික රජරට රාජධානීයේ අනුරාධපුර පුජා නගරය කෙන්ද්‍ර කොට ගනිමින් මෙම පුජා භූමිය ඉදි කොට තිබේ.එක් පසෙක ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී සෑ රජුන් වහන්සේ ද අනෙක් පස ජය ශ්‍රී විජය ශ්‍රී මහා බෝ සමිඳුන් ද , දකුණු අකු ධාතූන්වහන්සේ වැඩ සිටින ථුපාරාම සෑ රජුන් වහන්සේ ගේ ආනූභාවය ද, පැතිරෙන සීමා මායීමේ පුණ්‍යවන්ත වු ඉහළ කරඹෑව ශ්‍රී අංගීරස යෝගාශ්‍රමය, හුදකලා වන පරිසරයක ඉදි කොට තිබේ.

භාවනානුයෝගීන් සඳහා සුදුසු පරිසරයක් ලෙස නිස්කලංක පුණ්‍ය භූමියක් වන මෙහි එක් පසෙකින් දක්නට ඇත්තේ ඉහළ කරඹෑව වැවත්, ඊට යාබද ඇති කුඹුරු යායත් ය.ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ආනුභාවය ලද හාස්කම් සහිත ශාඛා බෝධින් වහන්සේ නමක මෙම පුණ්‍ය භූමීයේ වඩා හිඳුවා ඇත.සිව් දෙසින් ඇසෙන පිරිත් හඬ මධ්‍යයේ,රාත්‍රියේදී රූවන්වැලි මහා සෑය,මිහින්තලා පුදබිම ,අභයගිරිය ඉතාමත් අලංකාර ලෙස මම පුන්‍යභූමියට දැක ගත හැකි දසුන් ය. සුන්දර පරිසරයක පිහිටි මෙම පුණ්‍ය භමියෙහි , කුටි සෙනසුන් ,භාවනා ශාලාව,ධාතූ මන්දිරය,ධර්ම ශාලාව ඉදිකොට ඇති අතර මොණරුන්,වලි කුකුළන් මෙන්ම, ආදී සිව්පාවුන් නිතර දක්නට ලැබෙන දසුනකි. අද පුර පසොළොස්වක පොහෝ දින සර්වඤධාතූන් වහන්සේලා තැන් පත් කරන ධාතූ මන්දිරය හා නිම කරන ලද භාවනා ශාලාව සසුන ට පුජා කිරීම සිදු කෙරෙන අතර ඒ සඳහා චමින්ද බණ්ඩාරනායක,ගයානී බණ්ඩාරනායක මහත්මිය සහ දියණියන් දෙපළ ඇතුළු පවුලේ සියලුදෙනාත් මිලිනා කුමාරි මහත්මිය ඇතුළු පවුලේ සියලුදෙනා චිත්‍රා මංගලිකා මහත්මිය ඇතුළු පවුලේ සියලුදෙනා සනත් බණ්ඩාර ඇතුළු සියලුදෙනාගේත් ,සමස්ත ලංකා දහම් සුවද පදනමේ දායක්ත්වයෙන් මෙම පුණ්‍යකර්මය සිදු කරන බව ශ්‍රී අංගීරස යෝගාශ්‍රමයේ විහාරාධිපති මහව කල්‍යාණඥාණ හිමියෝ පවසති.