Print this Article


අසිරිමත් බෝධි රෝපණයක්

අසිරිමත් බෝධි රෝපණයක්

වට අඩි 20 ක් සහ උස අඩි 60 ක් පමණ වූ මේ බෝධීන් වහන්සේ නො වැළැක්විය හැකි හේතුවක් නිසා තිබෙන ස්ථානයෙන් ඉවත් කරනු ලැබීමට නියමිත ය.

එසේ විනාශ වන්නට ඉඩ නොදී මේ වනස්පතිය ආරක්ෂා කරලීමට පරිසර හිතකාමී පිරිසක් ඉදිරිපත් වී ඇත. ඔවුන් බලාපොරොත්තු වන්නේ මේ පූජනීය වස්තුව වෙනත් ස්ථානයක ගෞරවණීය ලෙස නැවත සිටුවීමට ය. ඒ සඳහා සුදුසු ස්ථානයක් සංවිධායක පිරිස් සොයති.

බෝධීන් වහන්සේ නමක් නොමැති විහාරස්ථානයක් නම් වඩාත් සුදුසු වන බව ද පවසිති. මේ සඳහා සියලු වියදම් දරන්නේ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනම මගිනි. මේ පිළිබඳ සියලු විස්තර 0776564124/0713930088/0764851111 දුරකථන අංකයන්ගෙන් විමසිය හැකි බවද ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ දන්වා සිටිති.