Print this Article


පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරතාන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළ ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක්වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් වෙයි.

****

පාත්‍රය භාවිත කිරීම අත්‍යවශ්‍යයි

පිණ්ඩපාතය යන වචනය බෞද්ධ සාහිත්‍යයෙහි බොහෝ තැන්හි සඳහන් වන්නේ කුමක් නිසා ද? සත්‍ය වශයෙන් ම එය භික්ෂු ආකල්පයක් වන බැවිනි. වර්තමාන ශාසනෝන්නතියේ ආදී කර්තෘවරයාණන් වහන්සේ වූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ නාමයට මුලින් පිණ්ඩපාතික යන වචනය යෙදී ඇත.

නූතන භික්ෂු සමාජයේ පිණ්ඩපාත කිරීම නැති බැරි භික්ෂූන් වහන්සේට පමණක් බාරවූ චාරිත්‍රයක් සේ ය. නායකත්වය දරන භික්ෂූන් වහන්සේ පිඬු සිඟා යතොත් එය ඉතාම හදිසි සිදුවීමකි.

පාත්‍රය ගෙනයාම හෝ පාත්‍රයෙහි වැළඳීම ආරණ්‍යයක භික්ෂූන් වහන්සේට පමණක් වෙන් කිරීමට ඇතැම් ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේ උත්සාහ කරති. එබැවින් සියලු පිරිවෙන්වල ශිෂ්‍ය සහ ගුරු ස්වාමීන් වහන්සේ පාත්‍රය භාවිත කිරීම අත්‍යවශ්‍ය අංගයක් සේ සැලකිය යුතු ය.

 

 

 

****

මේ වසරේ පිරිවෙන් තරග නොපැවැත්වේ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහි පැවිදි සිසුන්ගේ නිර්මාණශීලි හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරග මෙම වසරේ නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය තීරණය කොට තිබේ. සෑම වසරකම මෙම තරග දිස්ත්‍රික් මට්ටමින් පවත්වා ඉන් ජයග්‍රහණය කරන අය සමස්ත ලංකා පාරිවේණික තරග සඳහා ඉදිරිපත් කරයි. දිස්ත්‍රික් හා සමස්ත ලංකා ජයග්‍රාහකයන්ට ත්‍යාග ආ සහතික පත්‍ර ප්‍රදානය කිරිම මෙතෙක් වාර්ෂිකව පවත්වාගෙන හා ක්‍රමවේදය යි. එහෙත් මෙම වසරේ එය නොපැවැත්වීමට තීරණය කළේ පවත්නා වසංගත තත්ත්වට අනුගත වීමක් ලෙසයි.

දිස්ත්‍රික් මට්ටමින් ගිහි පැවිදි ගුරු සිසු විශාල පිරිසක් මෙම තරග සඳහා සහභාගි වන හෙයින් එය කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පවත්නා සෞඛ්‍ය නීතිරීතිවලට කිසිසේත් ම උචිත නොවන හෙයින් තරග නොපැවැත්වීමේ මෙම තීරණය ගෙන තිබේ.

****

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ