Print this Article


උඩුගම මහ බෝ වන්දනාව

උඩුගම මහ බෝ වන්දනාව

ගාල්ල, උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරස්ථානයේ විරාජමානව වැඩසිටින දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේට උපහාර පූජා පිණිස වාර්ෂිකව පවත්වනු ලබන ‘මහ බෝ වන්දනා’ වැඩසටහන මේ මස 05 දින සිට 11 දින දක්වා දිනපතා පැවැත්වේ. මේ මස 05 දින සිට 11 වන දින දක්වා පෙරවරු 5.00 ට ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිරි ආහාර පූජාව (තේවාව සහිතව) දිනපතා රාත්‍රී 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ඖෂධ වර්ග 108 ක ඖෂධ පූජාව, අටපිරිකර පූජාව, සුවඳ පැනින් බෝ සමිඳුන් නෑවීම, මල්මාලා 1008 ක් ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම, මහා බෝධි පූජාව, නෙළුම්මල් පූජාව, කෙටි අනුශාසනය පංච මහා දේවාලය සඳහා රාත්‍රී 9.30 ට මුරුතැන් පූජාව පැවැත්වේ.