Print this Article


“පූජනීය අටමස්ථානය”

“පූජනීය අටමස්ථානය”

පුරාවිද්‍යා ශාස්ත්‍රපති කුසුම්සිරි විජයවර්ධන මහතා විසින් රචිත ‘පූජනීය අටමස්ථානය’ පසුගිය දා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරුණි.

අටමස්ථානය වන්දනා කරන සැදැහැවතුන්ට මෙන්ම පුරාවිද්‍යා නටබුන් හා පූජනීය ස්ථාන ගැන කරුණු සොයා යන කාටත් වැදගත් වන වටිනා කරුණු එක්රැස් කළ කෘතියක් ලෙස ‘පූජනීය අටමස්ථානය’ වැදගත් වේ. මෙම කෘතියෙහි අටමස්ථාන සංකල්පයේ ඉතිහාසය, රුවන්වැලි මහ සෑය, ජය ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය හා ජේතවනාරාමය යන පරිච්ඡේද ඔස්සේ කරුණු පෙළ ගස්වා තිබේ.