[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සසුන සුරැකි රජ දරුවෝ දැහැමින් මව්බිම දිනුවෝ

සංඝයා වහන්සේ හා රජය අතර දීර්ඝ කාලයක් නොනැසුණා වූ සමීපත්වයක් ගොඩනැඟුණු පළමු රටවලින් එකකි. බුදු සමයෙහි ආභාසය ලැබුණු නිසාම සමහර රජවරු තමන් බෝධිසත්ත්වයින් බවත් බෝධිසත්ත්වයින් රාජ්‍යත්වයට පත්විය යුතු බවත් ශ්‍රී ලාංකිකයිනට දැනුම් දුන් බව වංශකථා සහ ශිලාලේඛන මගින් පෙන්නුම් කෙරේ. ක්‍රි. පූ. 3 වැනි සියවසේ දේවානම් පියතිස්ස රජ සමයේ පොසොන් පුර පසළොස්වක දිනයෙහි දී ශ්‍රී ලංකාවේ බුදුසමය පිහිට වූ බව වංසකථාවලින් මෙන්ම සෙල්ලිපි මගින්ද සනාථ වී තිබේ. මේ වකවානුව වනවිට ශ්‍රී ලංකාව පුරාම වාගේ ජනාවාස වී තිබූ බවට අපට ලැබී ඇති පැරණි බ්‍රාහ්මී සෙල්ලිපි වලින් පැහැදිලිවම පෙනීයයි. මෙරටට බුදුසමය ප්‍රවිෂ්ට වීමත් සමගම නව ප්‍රවණතාවයන් ගණනාවක්ම බිහිවිය. ආගමකින්, ජනතාව සංස්කෘතික වශයෙන් ඒකරාශී කිරීමේ කාර්යය බුදුසමය තුළින් කාර්යක්ෂම ව සිදු කෙරිණි. එසේම පූර්ණ සංස්කෘතියක් ගොඩනඟා ගැනීම සඳහා ප්‍රථම වරට සංවිධිත ලේඛන ක්‍රමයක් බිහිවිය. භාෂාව හා ආගම අතින් සාම්‍යක් ඇතිවීම පොදු ජාතික හැඟීමකට අනුබල දෙන සංස්කෘතික ලක්ෂණ බිහිවීමට අවස්ථාව උදාකරන ලදී. මීට අමතර ව බුදුසමය තුළින් බිහිවූ ආගමික දාෂ්ටි හා ආකල්ප මගින් ශ්‍රී ලාංකික ජනතාව ට ජාතියක් වශයෙන් ගොඩනැඟීමට අවස්ථාව උදාවිය. ඒ නිසා ඉහත කී අන්දමින් ඇති වූ ප්‍රවණතාවන් නිසා දේශපාලන සාමාජික හා සංස්කෘතික වශයෙන් පොදුවේ සම්මත වන ආයතන බිහි වී සමාජ හා ආර්ථික සමෘද්ධියකට ජනතාව පොළඹවනු ලැබී ය. ප්‍රාග් බෞද්ධ ලංකාවේ, පණ්ඩුකාභය යුගයේදී අනුරාධපුර නගරය නිර්මාණය කිරීමේ කාර්යය සිදුවුණි.


   පොසොන් පුර අටවක පෝය 

  පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 05 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]