Print this Article


චන්දා ථේරීගාථා

චන්දා ථේරීගාථා

මම පෙර හිමියකු නැති දරුවන් නොමැති දුප්පත් තැනැත්තියක් වීමි. නෑ මිතුරු කිසිවකු නැති තැනැත්තියක් වීමි. ආහාර හා වස්ත්‍ර ද මට නො වී ය.

මම මැටි පාත්‍රයක් හා දඩුකඩක් ද, ගෙන ගෙන් ගෙට සිඟා යමින් ශීතෝෂ්ණයෙන් පීඩා විඳිමින් වසර හතක් තැනින් තැන ඇවිද්දෙමි.

ආහාරපාන ලැබෙන පටාචාරා මෙහෙණ දැක, ඇය වෙත ගොස් බුදුසසුන්හි පැවිද්ද ඉල්ලුවෙමි.

ඒ පටාචාරා මෙහෙණ ද මා කෙරෙහි අනුකම්පා උපදවා පැවිදි කොට මට අවවාද දී පරමාර්ථයෙහි (කමටහන් වඩනු පිණිස) යෙදුවා ය.

මම එතුමියගේ බස් අසා ඒ වූ පරිදි පිළිපැද්දෙමි. ආර්යාවගේ අවවාද හිස් නො වී ය. ත්‍රිවිද්‍යා ලබා රහත් වීමි.

මෙසේ චන්දා තෙරණිය ගාථා කීවා ය.

සංක්ෂප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය සිංහල ථෙරී ගාථා.