Print this Article


 සේරිවාණිජ ජාතකය

 සේරිවාණිජ ජාතකය

අද කවරයෙන් දැක්වෙන්නේ සේරිවාණිජ ජාතකය යි.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි දී පසුබට වීර්ය ඇති භික්ෂලූඥක් මුල්කරගනිමින් සේරිවාණිජ ජාතකය දේශනා කොට වදාළහ. අප බෝසතාණන් වහන්සේ පෙර එක් භවයක සේරිව රාජ්‍යයෙහි වෙළඳාම් කළහ. එහි ලෝභ වෙළෙන්දෙක් ද විය. දෙදෙනා වෙළඳාම් කළේ ආඩපුර නම් නගරයේ වීදි බෙදා ගෙන ය. ලෝභ වෙළෙන්ඳා ඇවිදින වීදියෙහි ඉතා දුප්පත් සිටු ගෙයක් විය. මිත්තණියක සමඟ කුඩා දැරියක් එහි ජීවත් විය. ඒ ගෙදර වළං අතර මළ බැඳුණු රන් තළියක් විය. එහෙත් කිසිවෙක් එය රන් බව දැන සිටියේ නැත.

දිනක් ලෝභි වෙළෙන්ඳා වළලූ වෙළදාමෙහි ගියේ ය. දැරිය ඔහු දැක මටත් පළඳනාවක් ගෙන දෙන්නැයි කියමින් මිත්තණියට ඇවටිලා කළා ය.

’දුප්පත් අප පළඳනා ගන්නේ කෙසේදැයි’’ මිත්තනිය කී කළ අපට කිසි ‘ප‍්‍රයෝජනයක් නැති මේ තලිය දී ගනිමු‘ යැයි දැරිය හැඬුවා ය. අවසානයේ මිත්තණිය වෙළෙන්දාට තලිය දී ‘පළඳනාවක් දෙන මැනවි‘ යි කීවා ය. රන් තලිය අතට ගත් වෙළෙන්දා එහි ඉරක් ඇඳ බැඤුවේ ය. එය රන් තලියක් බව දැනගත් වෙළෙන්දාට ලෝබ සිත් ඇති විය. ‘මොවුන්ට කිසිවක් නොදීම මා මෙය ගෙන යනවා‘ යැයි සිතා ‘‘මංචාඩි බාගයක් වත් නොවටිනා මේ තලිය මට කුමටද? ’’ කියා එය බිම දමා ගියේ ය.

ඒ ලෝභ= වෙළෙන්දා ඒ ඡ්දියෙන් පිට විය. බෝසතාණන් වහන්සේ ද වෙළඳාම් පිණිස එහි පැමිණියේ කෙනෙක් වෙළදාම් කර පිට වූ වීදියට යාමේ වරදක් නොවේ යැයි සිතමිනි. වෙළෙන්දා දුටු දැරිය නැවත මිත්තණියට ඇවටිලි කරන්නට විය.

‘‘පළමුව ආ වෙළෙන්්දා තලිය බිම දමා ගියේය. ඉතින් අප කුමක් දී පළඳනාවක් ගන්නද?‘‘

‘‘මිත්තණියනි, කලින් ආ වෙළෙන්දා සැර පරුෂ අයෙක් ලෙස දුටුවෙමි. එහෙත් මේ වෙළෙන්දා නම් ප‍්‍රිය මනාප බව පෙනේ. අපි මේ තලිය දී පළඳනාවක් ඉල්ලමු ‘‘

මිත්තණිය වෙළෙන්දාට කථා කොට තලිය දී ‘මේ හඬන දැරියට කුමක් හෝ දී තලිය ගෙන යන්නයි’ කීවාය. වෙළෙන්දා එය බලා තමන් සතු කහවණු පන්සියයක් හා වටිනා බඩු සියල්ල ඔවුන්ට දුන්නේය. තලියක්, තරාදියත් කහවනු අටකුත් පමණක් ඉල්ලාගෙන යන්නට ගියේ ය. ගඟ ළගට ගොස් තොටියාට කහවණු අටම දී ගෙඟන් එගොඩ වීමට ඔරුවට නැගුණි.

ලෝභී වෙළෙන්ඳා නැවතත් අර දුප්පත් නිවෙසට ආවේය. යන්තම් දෙයක් දෙන බව වසා තළිය ඉල්ලූවේ ය. ‘‘ඔබ කිව්වේ ඒ තලිය කිසිදු වටිනාකමක් නොවන බවයි. දැහැමි වෙළෙන්දෙක් එය රැගෙන අපට සියල්ල දී ගියා‘‘ මහලූ කාන්තාව පැවසුවාය.

ඒ ඇසූ වෙළෙන්ඳා මහත් වූ ශෝකයේ තමන්ගේ බඩු භාණ්ඩ ද එහි දමා දිව ගියේ ය. ගෙඟන් එතෙර වන බෝසතාණන් දුටු ඔහු ඉවසාගත නොහැකි ශෝකයෙන් මිය ගියේය

බෝසතාණන් වහන්සේ කෙරෙහි දෙව්දතුන්ගේ පළමු වෛරය බැඳීම එය විය. එකල ලෝභී වූ අඥාන වෙළෙන්ඳා නම් දේවදත්තය. දැහැමි වෙළෙන්ඳා නම් සර්වඥයන් වහන්සේ ම ය.