[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මානසික සුවය සලසන බෞද්ධයාගේ සරල ජීවිතය

 මානසික සුවය සලසන බෞද්ධයාගේ සරල ජීවිතය

"සිංහල බෞද්ධයාගේ සරල බව නිසා ම  දන්දීමට හුරු වූ ජාතියකි. තමන්ට නැතත් අන් අයට යමක් දී සතුටුවීමට හැකි ශක්තියක් බෞද්ධ ජනයා සතුවෙති. මනුෂ්‍යයින්ට පමණක් නොව තිරිසන් සත්වයින්ට ද උපකාර කිරීමේ ගුණය පිහිටා ඇත."

ජාතිය, කුලය, ධනය, බලය, උගත්කම වැනි සාධක පෙරදැරි කරගෙන ලොව ජීවත්වන මිනිසුන් සහ තිරිසන්ගත සත්වයින් අතර ආහාර ගැනීම, නිදාගැනීම, බියවීම සහ මෛථුන සේවනය යන කාරණා සතරින් කිසිදු වෙනසක් නොමැත. මනුෂ්‍යයා සහ තිරිසනා අතර ඇති එකම වෙනස මනුෂ්‍යා සුචරිතයෙහි හැසිරීමයි. ඔහු සුචරිතයෙහි නො හැසිරේ නම් හෙතෙම සිවුපාවුන් හා සමාන වෙයි.

මෙහි දක්වා ඇති අර්ථයෙන් පෙනෙන්නේ මිනිසාට සිතීමේ ශක්තිය ඇති බවක් සහ එයින් ප‍්‍රයෝජන ගත යුතු බවකි. සියලූ සත්ත්වයෝ ම කායික සැප සහ මානසික සැප කැමති වෙති. කායික සැප යනු ඇස, කන, නාසය, දිව සහ ශරීරය පිනවීමයි. මානසික සැප යනු සිත සැනසීමයි. කායික සැප ලැබීම ම මානසික සැපය ගෙන දෙන්නේ යැයි සිතමින් ලොව ධනය හිමි ධනවතුන් ද ධනය අහිමි දුප්පතුන් ද හැකි උපරිමයෙන් කායික සැප වෙනුවෙන් කුසට ආහාර නොමැති ව සිය අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරයි. ඒ වෙනුවෙන් තම දරුවන්, බිරිඳ, දෙමාපියන්, ඥාතීන්, අසල්වැසියන්, සේවා ස්ථානයේ හිතමිතුරන් ආදීන් වෙනුවෙන් කළ යුතු සියලූ යුතුකම් සහ වගකීම් ද පැහැර හරිමින් අභිමත අවශ්‍යතා සපුරා ගැනීමට පෙළඹෙයි.

අසල්වැසි ගෙහිමියා, සේවා ස්ථානයේ මිතුරා හෝ මිතුරිය නව වාහනයක් මිලදී ගැනීමක් හෝ නව නිවසක් ඉදිකිරීමක් හෝ යම් නවීණ උපකරණයක් හෝ ආහාර ද්‍රව්‍යක් හෝ වෙනයම් අවශ්‍යතාවක් සපුරාගෙන සිටින විට එය තමන්ට ද ලබා ගැනීමට සමාජයේ ජීවත්වන පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් පෙළඹෙනු දක්නට ලැබෙයි. ඒ වෙනුවෙන් ධනය රැුස් කිරීමට පෙඹෙයි. වෙළඳාම් කරන වෙළෙන්දා වැඩි ලාභයක් ලැබීමට අධික මිලට භාණ්ඩ විකිණීම ද, රැුකියාවක නිරතවන්නා අයථා ආකාරයෙන් මුදල් ඉපයීමට ද, උසස් තනතුරු ලබා ගැනීමට ද, ගොවිතැන් කරන්නා අසීමිත ලෙස වෙහෙසීමට ද, ධනය ඉපයීමට විධිමත් මාර්ගයක් හෝ හැකියාවක් නොමැති පුද්ගලයින් අන්සතු දේ පැහැර ගැනීම ඇතුළු දුරාචාර කිරීමට ද පෙළඹෙති. සම්පත් තමා වටා සමීප වන විට තෘෂ්ණාව අධික වෙයි. සෑහීමකට පත් නො වෙයි. (න කහාපණ වස්සෙන-තිත්තිකාමේසු විජ්ජති*, (ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො..* සීමා මායිම් නොමැති ව එකිනෙකා පරයා යමින්, සාරධර්ම බිඳ දමමින් මේ සිදු කරන්නේ හුදු ආටෝපයක් ම පමණි. කායික සැප ලබා ගැනීමේ ක‍්‍රමය ධනය ඇති-නැති පරතරය මත වෙනස් වෙයි. එහි විඳීමේ කිසිදු වෙනසක් නොමැත. කුසගින්න ධනවතාටත්, දුප්පතාටත් තිරිසනාටත් පොදු ය.

පොදු ධර්මතාවක් ලොව පවතින බව දැන දැනත් ඇතැම්හු බහුභාණ්ඩිකවීමටත්, අධික තෘෂ්ණාවෙන් ජීවිතය සාර්ථක ගැනීමටත්, නොමැරෙන මිනිසුන් ලෙස ජීවත්වීමටත් සැරසෙති. ලෝක ස්වභාවය මෙයයි. එහෙත් ධර්මය අවබෝධ කරගත් බෞද්ධයා අධික තෘෂ්ණාව, බහුභාණ්ඩිකත්වය, සහ කායික සැප සෙවීමේ කටයුතුවලින් ඈත්වෙමින් සරල ජීවිතයක් පවත්වා ගැනීමට වෙහෙසෙති. එවැනි අවස්ථා බොහෝ ප‍්‍රමාණයක් නූතනයේ උද්ගතව ඇති වසංගත රෝගී තත්ත්වයත් සම`ග මතු වෙමින් පවතියි.

අවුරුදු දෙදහස් හයසිය හැටක් ඉක්ම වූ බෞද්ධ සංස්කෘතියක් හිමි ජාතියකට එය ආඩම්බරයකි. සිංහල බෞද්ධයාගේ සරල බව නිසා ම දන්දීමට හුරු වූ ජාතියකි. තමන්ට නැතත් අන් අයට යමක් දී සතුටුවීමට හැකි ශක්තියක් බෞද්ධ ජනයා සතුවෙති. මනුෂ්‍යයින්ට පමණක් නොව තිරිසන් සත්වයින්ට ද උපකාර කිරීමේ ගුණය පිහිටා ඇත. වෙසක් සහ පොසොන් පොහෝ දිනවල ලංකාවේ නිවෙස්වල බතක් නො ඉදෙන දින ලෙස ගැමි ව්‍යවහාරයේ අදටත් හඳුන්වනේ දන්දීමට ම උපන් ජාතියක් සිටින නිසා ය. අල්පේච්ඡුතාව ඇති කිරීමට බුදුන් වහන්සේගේ චරිත ලක්‍ෂණත්, සංඝයා වහන්සේගේ අපමණ වූ අල්පේච්ඡුතා ලක්‍ෂණත් බලපා ඇත.

බෝසතාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ සම්බුද්ධ පරිනිර්වාණය බෞද්ධයාට පාරිසරික පාඩමක් උගන්වයි. උන්වහන්සේ පරිසරයට දැක් වූ අසීමිත ඇල්ම එයින් පෙනෙයි. සංඝයා වහන්සේලාට ජීවය සහිත ගසක අත්තක්වත් නො සිඳන ලෙස ද අනුදැන වදාරා ඇත. එමෙන් ම යම් ගසක සෙවණෙහි වැඩ සිටියේ නම් එහි කොළයක්වත් නො සිඳින ලෙස ද වදාරා ඇත. තව ද තමන් වහන්සේලා භාවිත කරන චීවරය භාවිතඳී .විඩෙ නොහැකි තත්වයට පත් වූ විට අඳනකඩයක් ලෙස භාවිත කරන ලෙසත්, එසේත් භාවිත කිරීමට නො හැකි තත්ත්වයට පත් වූ විට ඇඳ ඇතිරිල්ලක් ලෙසත්, එසේත් භාවිත කිරීමට නොහැකි තත්ත්වයට පත් වූ විට පාපිස්නාවක් ලෙසක්, එසේත් භාවිත කිරීමට නො හැකි තත්ත්වයට පත් වූ විට අමු මැටි හා මිශ‍්‍රකොට ආවාසයේ බිත්ති සකසා ගැනීමට යොදා ගන්නා ලෙසත් වදාළහ.

මෙයින් පෙනෙන්නේ තමන් සතු වස්තුවලින් උපරිම ප‍්‍රයෝජන ගන්නා ලෙස සහ අතිරේකව ඇති දෙය නැති පිරිස් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ය. සම්පත් අධිකවීමෙන් සිත කිළිටි වෙයි. සතුරන් වැඩි වෙයි. තෘෂ්ණාව මතුවීමෙන් තවත් ඒ කෙරෙහි සිත නැඹුරු වෙයි. සම්පත් අල්පවීම වැඩි තරමට සිතේ පවත්නා සැහැල්ලූ ගතිය ද වැඩි වෙයි. කොතරම් සම්පත් පැවැතියත් මානසික සතුටක් නොමැති නම් ලද ජීවිතයෙන් උපරිම ප‍්‍රයෝජන ගත නො හැකි ය. ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයින්ට පැවිදි ජීවිතයක් ගත කරන පිරිස තරම් මානසික සහනයකින් ජීවිතය ගෙවීම අපහසු ය. ඒ නිසා ම පැවිද්දා හංසයාගේ ගමනටත්, ගිහියා මොනරාගේ ගමනටත් උපමා කර ඇත.

(සිඛී යාථා නීලගිවො විහංගමො-හංසස්ස නොපෙති ජවං කුදාචනං...*.

අහසේ පියාඹන පක්‍ෂියාට උගේ පියාපත්වල බර පමණක් දැනෙන්නාක් මෙන් භික්‍ෂුවට තුන් සිවුරේ සහ පාත‍්‍රයේ බර පමණක් දැනෙයි (සම්භොදායං ඝරාවාසො...ආකාසෙව සකුන්තානං...*. එහෙත් ගිහි ජීවිතය ගත කරන පුද්ගලයින් අඹුදරුවන්, ඥාතීන්, අසල්වැසියන්, හිතමිතුරන්, සහ රාජකාරි, සමාජ බැඳීම් වැනි ඉසිලිය නොහැකි බරක් හිස මත දරමින් ජීවත්වීමට සිදුවෙයි. එ වැනි පිරිසකට පවත්නා වසංගත රෝග තත්ත්වයත් සමග හිමි ව ඇති නිදහස අපමණ ය. එයින් ප‍්‍රයෝජන ගැනීම පුද්ගල බද්ධව පවතියි.

නිදහස් මනසක් හිමි වූ විට නව නිර්මාණ, නව චින්තයත් සම`ග නිර්මාණශීලි නිප¥ංුම්, ගොවිතැන් කටයුතු, නිවසේ කටයුතු, චිත්ත ශක්තිය වර්ධනය වන භාවනා කමටහන් අනුව සිත වැඞීම වැනි බොහෝ දෑ කළ හැකි වෙයි. බෞද්ධ සංස්කෘතියක් හිමි කරගත් සෑම බෞද්ධයකු විසින් ම කළ යුතු වන්නේ පරෝපකාරය පිණිස වූ කටයුතු ය. ජීවිතය අනියත බව ප‍්‍රත්‍යක්‍ෂව උගන්වන මෙ සමය එයට උචිතම කාලයයි.

 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]