[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ක්‍රෝධය පරදවා සැනසීම ලබන මඟ

ක්‍රෝධය පරදවා සැනසීම ලබන මඟ


එදිනෙදා සතියේ දවස් පහක් හෝ හයක් රැුකියාවට ගිය කාන්තාවක් දෙස බලන්න. මේ මාසයකට අධික කාලයක් නිවසටම සිමා වීම නිසා ඇයට ඒකාකාරී බවක් දැනෙනවා. උදේට උයනවා. දවල්ට උයනවා. ?ට උයනවා. කෑම දෙනවා. රෙදි සෝදනවා. මේ ටික පමණයි.

අභිධර්මයට අනුව තරහව ක්‍රෝධය එසේ නැතිනම් පළිගැනීමේ සිත කොටස් දෙකකට බෙදෙනවා. එසේ නැතිනම් සිත් දෙකක් ලෙස හැඳින්වෙනවා.

ඒ, දෝමනස්ස සහගත පටිඝ සම්ප‍්‍රයුක්ත අසංඛාරික සිත හා දෝමනස්ස සහගත පටිඝ සම්ප‍්‍රයුක්ත සසංඛාරික සිත යනුවෙන්.

දෝමනස්ස සහගත බව කියන්නේ තරහක්, ක්‍රෝධයක්, වෛරයක්, පළිිගැනීමක් කියන හැඟීම අන් අය කෙරෙහි ඇති කරන තරහ චේතනාව. පටිඝ කියන්නේ දැඩි බව. ගැටීම. එය ධර්මයේ පෙන්වන්නේ කුළු ගෙඩියකින් කළු ගලකට ගසන්නාක් සේ යනුවෙන්ය.

දෝමනස්ස සහගත ව තරහ සිතකින් යුතුව දැඩි බවකින්, තමන් විසින් ම උපදවා ගෙන යම් කෙනෙක් කටයුතු කරයි නම් එතැන වචන දෙකක් තිබෙනවා.

විශේෂයෙන්ම අසංඛාරික හා සසංඛාරික කියලා.

අසංඛාරික කියන්නේ අනුන්ගේ මෙහෙයවීමකින් තොරව තමා විසින් ම ඇති කර ගන්නා සිත.

සසංඛාරික කියන්නේ තමන්ගේ මෙහෙයවීමකින් තොරව අනෙක් කෙනෙකුගේ පෙළඹීමකින් ඇති කර ගන්නා සිත.

තමන් විසින් ඇති කර ගන්නා හෝ අනුන් විසින් ඇති කරවන තරහ සහගත සිත කුළු ගෙඩියකින් කළු ගලකට වදින්නා හා සමානව ගැටෙන අවස්ථාව, එනම් පටිඝ අවස්ථාව ඉතාම භයානක බවයි ධර්මයේ පැහැදිලි කරන්නේ.

මෙය අපගේ පැවැත්ම හා සම්බන්ධ වන්නේ කෙසේද?

විශේෂයෙන් ම මේ සමය තුළ ප‍්‍රියයන් හා සමඟ එනම් පවුලේ සාමාජිකයන් සමග ම ජීවත් වීමට සිදුව තිබෙනවා. මාසයක් නැතිනම් ඊටත් වඩා වැඩි කාලයක්.

කොරෝනා වසංගතය සහ ඒ හේතුකොටගෙන පැන වූ ඇඳිරි නීතිය නිසා අප එකිනෙකා හා සම්බන්ධව පවුලේ සාමාජිකයන් ලෙස කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නිවසට ම වී සිටිය යුතු වෙනවා.

අප කියනවා පවුලේ සාමාජිකත්වය ප‍්‍රිය සමාගමක් කියලා. එහෙත් කෙනෙකුට එය අප‍්‍රිය සමාගමක් වෙන්නත් පුළුවන්.

බොහොම සරලව ගතහොත් යම් කෙනෙක් අනියම් සබඳතාවක් හේතු කොටගෙන යම් විදිහකින් මෙතෙක් පවුලෙන් ඈත්ව, පවුල ප‍්‍රතික්ෂේප කොට කටයුතු කරන්නට ඇති.

මෙවැනි අවස්ථාවක ඒ සම්බන්ධකම් ඇති කරගත් පුද්ගලයින් ව පිළිගන්නේ නෑ.

නීතිමය වශයෙන් බැඳීමක් නැතිනම් අනිවාර්යෙන් ම ඔවුන් ප‍්‍රතික්ෂේප කරනවා.

ඉතින් නිරායාසයෙන් ම නැවත ඇවිත් වැටෙන්නට තිබෙන්නේ තමන්ගේ පවුලටමයි. තමන්ගේ ගෙදරටමයි. දැන් මෙතනදී අපට පාඩමක් උගන්වනවා. අප බාහිර පුද්ගලයන්ගෙන් කොයිතරම් නිදහසක්, සුවයක්, සෙව්වත් අවසානයේ් තමන්ගේ ම පවුල තුළයි ඒ නිදහස තිබෙන්නේ. තවත් සරල උදාහරණයක් ගෙන බලමු. විදේශගත ව සිටින ස්වදේශිකයන්ට කියනවා නම් තමන්ගේ රට තුළ තමයි සතුට, ප‍්‍රීතිය සියල්ල තිබෙන්නේ.

වෙනත් රටක සිිටින විට ඒ රට දිව්‍ය ලෝකයක්, ස්වර්ගයක් ලෙස සමහරු සිතනවා.

ඇතැම් කෙනෙක් ‘අප ලංකාව දෙස බලාගෙන නිදාගන්නේවත් නෑ’ කියන තරමට අප මාතෘභූමිය හෙළා දකිනවා. ඒත් අද වන විට එවැනි අය පවා තමන් උපන් බිමට පැමිණෙන්නට උත්සාහ කරනවා. එසේ එන කෙනා පවුල විසින් පිළිගනු ලබන්නත් පුළුවන්. නොපිළිගනු ලබන්නත් පුළුවන්. මේ නිසා අකමැත්තෙන් වුවත් ඉන්නට සිදු වෙනවා.

ඒ වගේ ම විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය, පවුලෙන් බාහිර ව මිත‍්‍ර සමාගම් සමඟ කටයුතු කරන්නට ඇති. ඒත් මේ මොහොතේ ඔවුන්ට ද පවුල තුළට ම වී ඉන්නට සිදු වෙනවා.

තමන්ගේ පවුලට කැමැති වුණත් නැති වුණත්. සමහර විට මෙවැනි අය පවුලේ අය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබන්නට පුළුවන්. එවිට දෙපැත්තෙන්ම ක්‍රෝධයක් ඇති වෙනවා.

ඊළඟට එකම තැන සිටීම හේතුකොට ඇති කරන ආතතිය. එහෙම නැතිනම් කාංසාව එසේත්් නැතිනම් තමන් විසින් කැමැති සමාජයෙන් වෙන් වීමට සිදුවීම හේතු කොටගෙන සිතේ තරහ ඇති වීමට පුළුවන්. සරල ව මෙසේ සිතමු. එදිනෙදා සතියේ දවස් පහක් හෝ හයක් රැුකියාවට ගිය කාන්තාවක් දෙස බලන්න. මේ මාසයකට අධික කාලයක් නිවසටම සිමා වීම නිසා ඇයට ඒකාකාරී බවක් දැනෙනවා. උදේට උයනවා. දවල්ට උයනවා. ?ට උයනවා. කෑම දෙනවා. රෙදි සෝදනවා. මේ ටික පමණයි.

‘‘මොකක්ද මට මේ වෙලා තියෙන්නේ’’ මේ හැඟීම ඇති වෙන විට නිරායාසයෙන්ම ඇය තුළ තරහක්, ක්‍රෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා.

එවිට පරණ දේවල් ඇවිස්සෙනවා. ඒ හේතුවෙන් තරහව නිර්මාණය වෙනවා. මෙවැනි අවස්ථාවක අප මොනවගේ පිළියම් ද යොදා ගත යුත්තේ කියන කරුණ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. උන් වහන්සේ දේශනා කොට වදාළේ වෛරය, ක්‍රෝධය නොසංසිඳෙන බවයි. ඉතින්, පරණ දේ සිතෙහි තබාගෙන, පවුලක් ලෙස සමඟි වෙන්න ලැබුණු මේ ඉතාම හොඳ අවස්ථාව පැහැර හරින්නට හොඳ නෑ.

පැරැුණි දේ අරගෙන මතු කරමින් කතා කරන්නට හොඳ නෑ. අප, අලූුත් අවුුරුද්දට අලූතින් හට්ටි වළං අර ගන්නවා. බිඳුණු බඳුන් ආදිය බැහැර කරනවා. අලූත් ඇඳුම් අරගෙන පරණ ඇඳුම් බැහැර කරනවා. ගෙදර මකුළු දැල්් කඩනවා. දුහුුවිලි පිස දමනවා.

එලෙසම ඇයි අපට බැරි කාන්තාවක් වේවා, පුරුෂයකු වේවා තමන්ට අන්‍යන්ගෙන් සිදු වූ වරද අත් හරින්නට. දෙවනුව බුදුරජාණන් වහන්ෙසේ පෙන්වා දෙනවා අපගේ පණ්ඩිතකම විදහා පාන්න වගේම, තමන්ට තමන් පණ්ඩිතයකු බව තේරුම් ගන්නත් මේ මෛත‍්‍රිය, ආදරය කිරීම ඉතාම වැදගත් බව.

යම් කෙනෙක් නිරන්තරයෙන් තමන්ට අසවලා බැන්නා, අසවල් පුද්ගලයා මගේ දේ පැහැර ගත්තා, මට දඬුුවම් කළා,

මා පරාජයට පත් කළා යැයි සිතමින් සිටිනවා නම් ඒ තැනැත්තාගේ වෛරය නොසංසිඳෙන බවත්, එය මෝඩකමක් වන බවත් උන් වහන්සේ පෙන්වා දුන්නා.

අප මේ වෙලාවේ එකට එක් වී කටයුතු කරන විට හැම මොහොතකම එකතු වෙන්න පුළුවන් දේ ගැන පමණක් සිතිය යුතුයි. ඔහු ප‍්‍රතික්ෂේප කරන හෝ ඇය සමඟ තරහව ඇති කරන, ප‍්‍රතික්ෂේපයට හේතුවන කරුණු ඇති කර ගන්නට නොයා යුතුයි. කුඩා දෙයක් හෝ තිබෙනවා නම් ඇය සමඟ සමඟිව ඉන්නට හැකි එයට වන්දනා කරමින්, එයට ගරු කරමින් ඒ දේත් සමඟ එකතු වෙන්නට බලන්න. මේ උදාවී තිබෙන්නේ එයට හොඳ අවස්ථාවක්.

මේ කාලය තුළ විශේෂයෙන් අප මාසයක්, දෙකක් පස්සට ගියා කියන්නේ අවුරුදු දෙකකින් පමණ ආපස්සට ගියා හා සමානයි. ඒ නිසා අපට පුළුවන් අපේ පරිසරය සමඟ එක්ව යමක් කරන්නට. ඔබේ ගෙවත්තේ කුඩා ගොවිපොළක් ආරම්භ කරන්නට. පැළ සිටුවන්නට.

ඔබට පරිසරයේ හැදෙන වැඩෙන ගහ කොළ සමඟ කතා බහ කරන්නට පුළුවන්. ඒ තුළ තරහ, ක්‍රෝධය, කාංසාව දුරු කර ගන්නට පුළුවන්කම තියෙනවා.

සංගීතයට කන් දෙන්න. හොඳ කතාවක්, කවියක් ලියන්න, සිතුවමක් අඳින්න පෙළඹෙන්න.

හැකිනම් පවුලේ අයත් එක්ක එකතුවෙලා යම් ජන ක‍්‍රීඩාවක නිරත වන්න.

ඒ වගේම තරහව, ක්‍රෝධය ජය ගත හැකි ක‍්‍රම බෞද්ධ මනෝ විද්‍යාත්මකව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට තිබෙනවා.

තමන්ගේ සිතට තරහක්, ක්‍රෝධයක්, පැමිණි විටෙක තමන්ගේ ම දෙනෙතින් තමන්ගේ නාසය අග බලන ලෙස පෙන්වා දෙනවා. ඒ තත්ත්පර ගණන තුළ තමන්ගේ තරහ නැති වී යනවා.

ඒ වගේම දැඩි තරහක් දැනුණු විට ජලය ස්නානය කරන ලෙස පෙන්වා දෙනවා. ඒ තුළ තරහ ව දුරුවීම සිදු වෙනවා. ඒ වගේම තරහක් ක්‍රෝධයක් දැනුණු විගසම ඈතින් පෙනෙන පොල් ගසක උඩම අත්තෙ වෙන් ව තියෙන ගොප් කොළ එකින් එක වෙන් කොට ගණන් කිරීම ද තරහ දුරු කර ගැනීමේ පහසු ක‍්‍රමයක්.

 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]