[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 ජීවිතයට නොසැලෙන ප‍්‍රතිපත්තියක් ඕනෑ

 ජීවිතයට නොසැලෙන ප‍්‍රතිපත්තියක් ඕනෑ

කොරෝනා වයිරසයෙන් මේ තහවුරු කරන්නේ මෙතෙක් පැවැති රටාව හොඳ නෑ කියන බවය. නිවසට වී ගෙවන ජීවිතය තමයි හොඳ ජීවිතය කියලා අද අපට සක්සුදක් සේ පැහැදිලි ය. මේ කියන්නේ හොඳ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව ය.

කොරෝනා වයිරසය මුළු ලෝකයටම පාඩමක් උගන්වා තිබේ. ඒ මිනිසුන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ ව නැවත හැරී බලන්නට ය. මෙතෙක් ආ ගමන් මඟ වෙනස් කොට නවතම මාවතක් තෝරා ගන්නට ය. මේ ව්‍යසනය ලෝකයට ම ගෙන දුන්නේ අඳුරකි. නපුරකි. එසේ වුවද එයින් ඉගෙන ගත හැකි යහපත් කරුණු රාශියකි.

අපගේ මාතෘ භූමියෙහි පාලනයක් තිබුණ ද මේ වයිරසය නිසා ලෝකයේ බලවත් රටවල මිනිස්සු දිනකට සිය ගණනින් නොව දහස් ගණනින් මිය යති. මෙයට හේතුව කුමක්ද? මේ භුක්ති විඳිමින් සිටින්නේ මිනිසා අත්තනෝමතික ව, සීමා විරහිත ව, කිසිම ප‍්‍රමාණයකින් තොරව අනුන් ගැන නොසිතා, පරිසරය ගැන නොසිතා කටයුතු කිරීමේ අහිතකර ඵලයන් ය.

කොරෝනා වයිරසය පැතිර යන්නට පළමුව ස්වභාවධර්මය අපට විවිධ සලකුණු පෙන්වා දුන්නේ ය. භූමිකම්පා ඇති වුණි. සුනාමි ඇති වුණි. මහා සුළි කුණාටු, නායයාම් ඇති වුණි. ඒ සියල්ලෙන් කියාදුන්නේ අපේ ජීවන පැවැත්ම හොඳ නොවන බව ය. සමහරවිට කරන ක‍්‍රියාවන් ඒ ඒ පුද්ගලයාට හිතකර වන්නට පුළුවන. එහෙත් පරිසරයට අහිතකර ය. ජීවත්වීම කියන්නේ තමන් ගැන පමණක් නොසිතා අනුන් ගැන ද සිතන දේ ය. මොකද්ද මේ පරිසරය කියන්නේ? අප හැරුණ විට අපට බාහිරින් ඇති සියල්ල ය. මගේ අවශ්‍යතාවලට සමානව අන් අයටද අවශ්‍යතා ඇත. ඒ පිළිබඳව මෙතෙක් ආ ගමනේ බොහෝ දෙනෙක් කල්පනා කළ බවක් නොපෙනේ. විශේෂයෙන්ම බටහිර ලෝකය තවත් පිරිසක් ගැන කල්පනා කළේම නැත. සමහර වෙලාවට තමන්ගේ කෑම බීම වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැය කරන විට සමහර ප‍්‍රදේශවල සාමාන්‍ය කෙනෙකුට වේලක් ඇර වේලක් හෝ කුසට අහරක් ලැබුණේ නැත. ඉන්න හිටින්නට තැනක් ඉනට වස්ත‍්‍රයක් නොවී ය. මේ සමාජයේ විශාල පරතරයක් නිර්මාණය වෙමින් ඇත.

ඇතැමෙක් පරිසරයේ වෙසෙන සතා සිව්පාවුන් පිළිබඳව කල්පනා කළේ නැත. තමන්ගේ ආහාරය සඳහා මිස ඔවුන් ද ජීවත් විය යුතු බව හිතුවේ නැත. සරලව කියනවා නම් ඒ සතුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කළේ නැත. මිනිසා කිසිදු කරුණාවක්, මෛත‍්‍රියක්, දයාවක්, නොදක්වා තම ආහාරය පිණිස සතුන් විනාශ කළහ. දිය ගොඩ සෑම සත්වයකුටම මෙය බලපෑමක් වි ය. මිනිසාගෙන් බේරුණු කුරා කුහුඹුවකු වත් නැති තරමට පත් විය. සර්පයන් මීයන් කැරපොත්තන් පවා මිනිසාගේ ආහාරය බවට පත් විය.

ඊළඟට, ගහකොළ මොනතරම් මිතුරුද? මනුෂ්‍යාට ආධාර කරනවාද? පරිසරයේ ගහ කොළ නොමැතිව ජීවත්විය නොහැකි බව මිනිසාට අමතක විය. තමන් බලසම්පන්න කෙනෙක් ලෙස සලකා ඔවුන් සිදු කළේ් ජීවත් වීමට උපකාර කල පරිසරය විනාශ කිරීම ය. ඔව්හු අක්කර ගණනින් මහ කැළෑ විනාශ කළහ. මහා ගස් කපා දැමූහ. ඒ සමඟම ආශ්වාස ප‍්‍රාශ්වාසය පිළිබඳව ප‍්‍රශ්න ඇති විය. ජලය, පාංශුඛාදනය, පසෙහිි සශ‍්‍රීකත්වය පිළිබඳ ප‍්‍රශ්න ඇති විය. මෙලෙස ගහකොළ ජලය, සුළඟ, හිරු එළිය විනාශ කරමින් කටයුතු කිරීම නිසා මිනිසාට බොහෝ ගැටලූවලට මුහුණ දෙන්නට සිදු විය. පාරජම්බුල කිරණ මිහි මතට වැටෙන්නට විය. පිළිකා වැනි රෝග බහුල විය. සාර්ස්, කොලරාව, මැලේරියාව, සරම්ප වැනි ලෙඩ රෝග බෝවීමට විය.

මේ ඔප්පු කර තිබෙන්නේ අපේ සමාජය භෞතික දියුණු යැයි කීවද ආධ්‍යාත්මික දියුණුවක් නොමැති කමයි.

ඒ නිසාම අද මිනිස්සුන්ට තමන් හදාගත් මන්දිරවල ඉන්නට විදිහක් නැත. මහා පෝෂ්‍යදායි යැයි සිතා සාදාගත් කෑමවේල පිළියෙල කරගන්න විදිහක් නැත. මිනිසුන්ට තමන්ගේ යුතුකම් වගකීම් අමතක විය. අන්තර්ජාලය තුළ ජංගම දුරකථනය තුළ මුළා වූ බොහෝ දන කාලය කාදැමුවේ මනස අවුල් කරන අනුන්ගේ ඕපා¥ප සෙවීමට ය. අනුන් කළ කී දේ සොයනවා මිස ඇතැමුන්ට තමන්ගේ විය යුතු යුතුකම් පිළිබඳ කල්පනා කරන්නට ඉස්පාසුවක් නොවී ය.

මානව හිතවාදී මිනිසුන් යම් පමණකට නොසිටියා නොවේ. ඒ වගේම සිටිනවා ද වේ. මේ වයිරසයෙන් ඒ පරපුරද නැති වූ පසු අත්වන ඉරණම මොනතරම් ඛේදනීය වේද?

ඒ විදිහට හැසිරෙන්නට එපා කියන පණිවුඩය ම ය, මිනිස්සුන්ට මේ භයානක වයිරසය එයින් පෙන්වා දී තිබෙන්නේ.

අපේ බෞද්ධ සමාජයට මේ වැනි වයිරසයන්ගෙන් බේරී සිටින්නට පංචශීල ප‍්‍රතිපදාව මොනතරම් දුරට ඉවහල් වනවාද යන්න හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. අපේ තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ‍්‍රී සද්ධර්මයෙහි මූලිකම කාරණයක් වන්නේ යම් කිසි කෙනෙක් මේ ලෝකයෙහි උත්පත්තිය ලැබුවා නම් ඒ කෙනාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම ය. එහිදී මනුෂ්‍යයෙක් වන්නටද පුළුවන. ගහකොළ සතා සිව්පාවන් වන්නටද පුළුවන. ඒ සියල්ලටම වඩා ජීවත්වීමේ අනුග‍්‍රහය ලබා දෙනවා මිස ඔවුන් විනාශ නොකළ යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

පර පණ නැසීම යන්න පුද්ගලයෙකුගේ ,ඳැු– සත්වයෙකුගේ ,ඳැු– ජීවිතය විනාශ කිරීම පමණක් නොවේ. එතනින් එහාට පෘථුල පරාසයක විහිදෙන ගහකොළවල ද පැවැත්මේ අයිතිය තහවුරු කළ යුතු වේ. තව කෙනකුගේ ජීවිතය සුරක්ෂිත කිරීමට අප කටයුතු කරනවා නම් අපගේ ජීවිතය ද ඉබේම ආරක්ෂාවේ. මේ වයිරසයෙන් තහවුරු කරන්නේද එයම නොවේද? වචන සිය දහස් ගණනකින් නොකියා මේ ඔප්පු කරන්නේ ඇස් පනාපිට පෙන්නුම් කරන්නේ පර පණ නොනසන්න යන්න ය. භෞතික දේ විය හැකි ය. අභෞතික දේ විය හැකි ය. අනුන්ගේ දේ තමන් සතුකර ගැනීම හොඳ නැත. එයින් ද පැහැදිලි කරන්නේ අනුන් ගැන කල්පනා කිරීමේ වැදගත්කම ය. අනුන්ගේ සුව පහසුව තිබෙන දේ විනාශ නොකිරීම වැදගත්කම ය.

තුන්වෙනි ශික්ෂාපදය දෙස බලන්න. එයින් ඉතාම පැහැදිලිව පෙනෙන්නේ මේ සමාජය, ලෝකය දෙස බලන විට ඇතැම් මිනිසුන් මොන තරම් අශීලාචාරව රටේ ලෝකයේ හැසිරුණා ද යන බව ය. සමහර තැන්වල ගෙයක් පාසා කාමර කුලියට දීමට තිබුණි. තැනක මන්දිරයක් මන්දිරයක් පාසා සම්භාහන මධ්‍යස්්ථාන ය. සමහර කෙනෙකුට තමන්ගේ ගෙදර තමන්ගේ පවුල තුළ තමන්ගේ දරුවන් සමග එක් රැුයක් එක් දවසක් ජීවත් වීමට පුළුවන් කමක් නොතිබුණි. එවැනි අමුතුම රටාවශ‰ ලංකාවේ ඇතැම් තැනෙකත් ලෝකයේ ඇතැම් තැනෙකත් තිබුණේ. සමාජශාලා කෙළවරක් නොවී ය. ඇතැමෙක් රාත‍්‍රී කාලයම ගත කළේ ඒවායෙහි ය. මේ ලෙස ගත කළ ජීවිතය මොනතරම් අරුත්සුන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ ජීවිතය නම් මෙය නොවන බව ය. මිනිසුන් ආශාවන් පසුපස, හැඟීම් පසුපස හඹාගෙන එළවාගෙන යාමෙන් තමන්ගේම විනාශය ශහඳී ංචඥඳී මිස යහපත් නොවන බව උන් වහන්සේ පැහැදිලි කළහ.

ගිහියෙක් ලෙස තමන්ට පවුලක් තිබේ. සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ගත්විට මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම අවශ්‍ය ය. ඒවා ඉතාම හොඳින් බොහොම සාධාරණව කරගන්නට ඉඩ කඩ ඇත. ඒ විදිහට කටයුතු කිරීමෙන් තමයි ඒ පවුල ආරක්ෂා වන්නේ් පුද්ගලයා ආරක්ෂා වන්නේ.

අද කොරෝනා වයිරසය නිසා තුන්වැනි ඳණීශ‰=ඳී පදය ඉබේම ආරක්ෂා වී ඇත. එවැනි තැන්වලට යාමට මිනිසුන් බිය වේ. අනෙක් අතින් මිල මුදල් සපයා ගැනීම අසීරු ය. සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇත.

කොරෝනා වයිරසයෙන් මේ තහවුරු කරන්නේ මෙතෙක් පැවැති රටාව හොඳ නෑ කියන බවය. නිවසට වී ගෙවන ජීවිතය තමයි හොඳ ජීවිතය කියලා අද අපට සක්සුදක් සේ පැහැදිලි ය. මේ කියන්නේ හොඳ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව ය.

මිනිස්සු කතා කරති. එහි කෙළවරක් නොවුණි. එහෙත් ඒ කතාවට අද සීමා දමා ඇත. මුඛවාඩම් දමා ඇත.

මේ නිහඬව කියන්නේ කුමක්ද? වචනය අවශ්‍ය ම තැන මිස අනවශ්‍ය තැන පාවිච්චි නොකළ යුතු බව ය. තැන් තැන්වල රැුස්වී කතා නොකළ යුතු බව ය. අසභ්‍ය දේ බොරු දේ තේරුමක් නොවන බව ය.

මේ ප‍්‍රතිපදාවන් මොනතරම් දුරට තමාගේ ශරීර සෞඛ්‍යයට යහපතට හේතු වනවාද? බොරුව නිසා මිනිසුන්ගේ ජීවිත මොනතරම් නොමඟ යනවා ද? තමන්ගේ ජීවිතය අවාසනාවන්ත වනවාද? එයින් වැළකුණු තැන මිනිසුන්ගේ සිතට මොන තරම් සහනයක් ලැබෙනවාද?

අද මිනිසුන් ඒ සැනසීම අත්විඳිනවා නොවේද? ලෝකය පක්ෂ දේශපාලනය නිසා බෙදී කළ අසත්‍ය ප‍්‍රචාර එපා ඡ් තිබුණි. අද මිනිස්සුන්ට ඒ සඳහා විරාමයක් ලැබී තිබේ.

මත්ද්‍රව්‍ය, එසේත් නැතිනම් මද්‍ය පානය මිනිසාගේ ප‍්‍රකෘතිි ස්වභාවය මොන තරම් වෙනස් කරනවාද? මේවා ජීවිතයට මොනතරම් අනතුරුදායකද? දුම්පානය ඇතුළුව මත් ස්වභාවය ඇති කරන, ඉන්ද්‍රීය අඩපණ කරන කවර දේ වුවද යහපත් නොවන බවයි පසක් කොට තිබෙන්නේ.

අද අප මුහුණ දී සිටින ගැටලූකාරී තත්ත්වය, යථාර්ථය, සම්බුදු දහම ඉතාම පැහැදිලිව පෙන්වා දී ඇත. ගැටලූවට විසඳුම ද පෙන්වා දී ඇත. ඒ අනුව කිසියම් ප‍්‍රතිපත්තියක් අනුව විශේෂයෙන් බුදු දහමේ උගන්වන ප‍්‍රතිපත්ති අනුව යම් කෙනෙක් තමන්ගේ ජීවිතය හැඩ ගස්වා ගන්නවා නම් මේ දුරස් වී තිබෙන ජීවිතය ඈත් වී තිබෙන ජීවිතය තමන්ටත් යහපත් ය. පවුලේ අයටත් යහපත් ය. අසල්වාසීන්ට ද හොඳ ය. පරිසරයට ද හොඳ ය.

 බක් අමාවක පෝය 

   බක් අමාවක පෝය
අපේ‍්‍රල් මස 22 බදාදා පූර්ව භාග 5.37 න් අමාවක ලබා 23 වැනිදා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 7.55 න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බදාදා ය.

මීළඟ පෝය අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

Second Quarterඅව අටවක

මැයි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]