Print this Article


සරණක් ඇවැසි තැන සරණ වීම

සරණක් ඇවැසි තැන සරණ වීම


ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගෙන් හමුදාවට කෙසෙල් ටොන් 3ක්

මාකූරේ පියනන්ද නා හිමියෝ .අපි මිතුරෝ. පණ ගන්වති

මෛත‍්‍රීමූර්ති නා හිමිපාණෝ ගමටම ආහාර බෙදති

අබකොලවැවේ ධම්මරතන හිමියන්ගේ සමාජ සත්කාරය

දැහැමිව ධනය උපයාගෙන ධනය විනාශ කෙරෙන භෝග විනාශ මුඛ ඇතුළු හේතු වටහාගෙන ධනය නිසි පරිදි පරිහරණය කළ යුතු අතර ධනය වියදම් කළ යුතු අංශ හතරක් බුදු දහමින් අපට දක්වා තිබෙනවා.

බුදු දහමේ සාරධර්ම ඔස්සේම ගමන් කරමින් සිඟාලෝවාද සූත‍්‍රයට අනුව ගිහියා ගමන් කළ යුතු මාර්ගයට යොමු කර මේ විපත් පැමිණි අවස්ථාවේදී ඔවුන් කටයුුතු කළ යුතු ආකාරය පෙන්වා සමාජ යුතුකම් ඉටු කරන්නට පසුගිය දිනවල මෙන්ම අදත්, යට්වරයාණන් වහන්සේ විසින් කටයුතු කරමින් සිටී.


සුමිත්ත හිමියන්ගෙන් වීරදඩාන ගමටම සෙත

පරෝපාකාරය ගිහියාටත් පැවිදි භික්ෂුවටත් එකසේ ආනිශංස ලබා දෙන්නක්. ඒ අනුව මේ අවස්ථාවේ අසරණව සිටින ජනතාවට හැකි උපරිම අයුරින් සහන සලසන්නට විහාරස්ථාන රැුසක විහාරාධිපති හිමිවරුන් මෙන්ම විවිධ සංවිධාන විසින් පියවර ගෙන තිබුණා.

භික්ෂූන් වහන්සේ විසින් ලබා දුන් ධෛර්යය නිසා බොහෝ ප‍්‍රදේශවල ජනතාවට සහන රැුසක් ලැබුණු අතර එම ප‍්‍රදේශවල ජනතාවට ඇඳිරි නීතිය කඩ නොකර තම නිවෙස්වල රැුඳී සිටීමට ද හැකි වුණා. එය ජනතාවගේ ආරක්ෂාවට මෙන්ම රටේ ආරක්ෂාවට ද විශාල පිිටිවහලක් වුණා.

දිවයින පුරා සිදු කළ මේ මහා පින්කම් අතරින් අප නෙත ගැටුණු අවස්ථා කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කළා.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන් විසින් යුද හමුදාව විසින් සිදු කරනු ලබන සේවාව වෙනුවෙන් කෙසෙල් ටොන් 3ක් ලබා දීමට කටයුතු කෙළේ උන් වහන්සේගේ වැඩ වාසය කරන ඇඹිලිපිටිය ශ‍්‍රී බෝධිරාජාරාමයේදී ය.

තම ගොදුරු ගමේ සිටින සියලූ වැසියන් නගරයට යාම වළක්වා ඔවුන් ආරක්ෂා කර ගන්නට රත්නපුර දොළොස්වල ශ‍්‍රී ජයවර්ධනාරාමාධිපති දෑල ගංගාරාම පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ගොඩගම්පොළ මෛත‍්‍රීමූර්ති හිමිපාණන් විසින් කටයුතු කෙළේ දොළොස්වල ගමේ පදිංචි පවුල් 650ටම අත්‍යවශ්‍ය ආහාර පාන හා එළවළු ලබා දෙමින්. එයින් නොනැවතුණු උන් වහන්සේ කොළඹ රත්නපුර මහා මාර්ගයේ පැල්මඩුල්ල හා නිවිතිගල දක්වා මාර්ගයේ සිටින සියලූ ආරක්ෂක නිලධාරීන්ට මෙන්ම මහා මාර්ගයන්හි සුද්ධ පවිත‍්‍ර කරන්නන්ටද මුඛ ආවරණ හා තැඹිලි කුරුම්බාවලින් සංග‍්‍රහ කරන්නට කටයුතු කළා.

ඒ සඳහා උන් වහන්සේට විහාරස්ථ විශ්ව තරුණ සංසදය හා විහාරස්ථ තරුණ බෞද්ධ සංවිධානයද පූර්ණ සහාය ලබා දුන්නා.

දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක අත්තනයාල ශ‍්‍රී මහා විහාරාධිපති අබකොලවැවේ ධම්මරතන හිමියන් විසින් ද ප‍්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සියලූ වියළි ආහාර පාන සපයනු ලැබුවේ දානපතියන්ගේ ආධාර උපකාර ඇතිවයි. බුදු දහමේ දැක්වෙන පරිත්‍යාගය, දානය මේ අවස්ථාවේදී ඉස්මතු කර දැක්විය යුතු බවයි උන් වහන්සේ විසින් ඒ පරිත්‍යාගශීලීන්ට දන්වා සිටියේ.

දිනපතා කුලී වැඩ කරමින් ආදායම සරිකර ගන්නා විශාල පිරිසකට මේ කාලය තුළදී ආදායම අහිමි වීම නිසා බරපතළම ගැටලූවකට මුහුණ පාන්නට සිදුවූ අතර එම ජනතාව වෙනුවෙන් ආහාර පාන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දේ ලබා දෙන්නට පන්නල ගලහිටියේ විජිත හිමියන් විසින් කටයුතු කළා. ඒ ඇතැම් පවුල්වල ජනතාව දිනකට වේල් දෙකක් පමණක් දරුවන් සමග ආහාර ගෙන තිබූ බවයි අනාවරණය වුණේ. ඒ කුසගින්න නිවාලන්නට දායකත්වය දැරූවන්ට හිමිවූයේ මහත්ම වූ කුසලයක්.

ඒ ලෙසින්ම අසරණ වූ පවුල් 150කට අධික ප‍්‍රමාණයකට වියළි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දේ සපයා දෙන්නට අමරපුර සිරි සද්ධම්මයුත්තික නිකායේ කොළඹ පළාත් ප‍්‍රධඳීන සංඝ නායක රාගම මහර - නැලිගම ,,ඳ‘ඳීඬච‰චඳීහඳීඩඳීඬීරට් මාකූරේ පියනන්ද නා හිමියන් කටයුතු කෙළේ නැලිගම අපි මිතුරෝ සංවිධානයේ සහායෙන්. දෛනික රැුකියාවන්හි නිරතව සිටි ගම්මානවේ විශාල පිරිසකට එයින් සෙත සැලසුණා.

ඊට අමතරව ඇඳිරි නීති කාලය තුළ කොළඹ ගාලූ පාරේ අම්බලන්ගොඩ බලපිටිය ඉඳුරුව සහ බෙන්තොට මාර්ග බාධකයන් හි සේවය කරන යුද හමුදා සහ පොලිස් නිළධාරීන් හට අලූත් අවුරුදු වෙනුවෙන් පිළියෙල කළ කැවුම් කිරිබත් සහ කැවිලි වලින් සංග‍්‍රහ කිරීමට බලපිටිය විහාරාධිපති සංගමයේ සභාපති විනයාචාර්ය බලපිටියේ ධම්මික හිමියන් ඇතුළු හිමිවරුන් විසින් පසුගිය අලූත් අවුරුදු දා කටයුතු කරන ලදී. ඒ කටයුතුද සිදු කෙළේ දායකයන්ගේ මහත්ම වූ දායකත්වයෙන්.

ඬියයට 3ක් පමණක් බෞද්ධයන් වෙසෙන කල්පිටිය දළුව ගම්මානයේ ජනතාවගේ දායකත්වයෙන් එකතු කර ගත් එලවළු ඇතුළු අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් නිකවැරටිය ඉහළ වීරදඩාන ගම්මානයට ගොස් එහි අඩු ආදායම් ලාභී ජනතාවට ලබා

දෙන්නට කල්පිටියේ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් කටයුතු කළා.

යහපත් කුල පුත‍්‍රයකු විසින් ධාර්මිකව උපයා ගන්නා ධනය වැය කිරීමේ නිවැරැුදි ක‍්‍රමවේදයන් ‘පත්තකම්ම’ සූත‍්‍රයෙන් දක්වා තිබෙනවා. ඒ ඒ අවස්ථාවට අනුව එම ධනය වියදම් කළ යුතු බවයි එයින් පැහැදිලිව දක්වා ඇත්තේ.

දැහැමිව ධනය උපයාගෙන ධනය විනාශ කෙරෙන භෝග විනාශ මුඛ ඇතුළු හේතු වටහාගෙන ධනය නිසි පරිදි පරිහරණය කළ යුතු අතර ධනය වියදම් කළ යුතු අංශ හතරක් බුදු දහමින් අපට දක්වා තිබෙනවා.

ඒ අනුව පළමුව ස්වකීය අවශ්‍යතා වෙනුවෙන් ධනය වැය කළ යුතුයි. දෙවනුව තම දෙමාපියන්ගේ අවශ්‍යතා ඉටුකළ යුතුයි. තෙවනුව අඹු දරුවන් හා තමා යටතේ සේවය කරන්නන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ධනය වැය කළ යුතුයි. සිව්වෙනුව ස්වකීය හිත මිතුරන්ගේ යහපත වෙනුවෙන් ධනය වැය කළ යුතුය.

එසේම ගිහියකු විසින් තමා උපයන ධනය වැය කරමින් ඉටු කළයුතු සමාජ වගකීම් පහක් පිළිබඳව බුදු දහමින් කරුණු ඉදිරිපත් කරයි. පංච බලි යනුවෙන් හැඳින්වෙන මෙයින් ඤාතීන්ට සංග‍්‍රහ කිරීම (ඥාතිබලි* ආගන්තුකයන්ට සැලකීම (අථිති බලි* මිය පරලොව ගිය නෑයින් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම (පුබ්බපෙත බලි* රජයට අයබදු ගෙවීම (රාජබලි* දේවතාවන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම (දේවතා බලි* ආදී වගකීම් පැහැදිලි කරයි.

මේ යථිවරයාණන් වහන්සේ ඇතුළු තවත් හිමිවරුන් මේ වනතුරුත් ඒ සමාජ සේවාවේ නිරතව සිටිනවා.

ගිහි පැවිදි විශාල පිරිසක් විසින් මේ ආපදා අවස්ථාවේ ලබා දුන් දායකත්වය අතිවිශාල වන අතර එය රටේ බෞද්ධ සංස්කෘතියේ තවත් එක් ලකුණක් පෙන්වූ බව සඳහන් කළ යුතුයි.

,ම් කටයුතු වෙනුවෙන් භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත් අතර ඒ සඳහා ගිහි පිරිස් විසින් දැක්වූ දායකත්වය අනුග‍්‍රහය අතිවිශාලයි.

ධනය වැය කරන්නකුගේ ධනය සුදුසු තැනට යොමුවුණු (ඨානගත* යෝග්‍ය පුද්ගලයෙකුට ලැබුණු (පත්තගත* පරිභෝජනයයේ නිවැරැුදි පිළිවෙත සැපිරූ (ආයතනසො පරිභූත්ත* එකක් බව බුදුසමයේ පිළිගැනීමයි.

අප මේ තැබූ සටහනින් පෙනී යන්නේ දැහැමිව උපයා ගත් ඒ ධනය නිසි පරිදි වැය වූ බවත්, ඒ සඳහා භික්ෂූන් වහන්සේ විසින් ගිහියා නිසි මාවතට යොමු කළ බවයි. ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස සැලකෙන්නේ මේ ගුණාංගයන් නිසයි.