[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර පසළොස්වක 2020-04-07

ලෝකයම සුවපත් වේවා!


බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. තථාගතයන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වූයේ අදවන් පොහෝ දිනෙක ය. සිරි සදහම් මඟ යමින් දාන, සීල, භාවනාදී පින්කම්වලට ප්‍රමුඛත්වය දෙන සැදැහැවත් බොදු දනන්ගෙන්, පෙහෙවස් සමාදන් වූ උවසු උවැසියන්ගෙන් වෙනදා වෙහෙර විහාර පිරී ඉතිරී ගියද මෙවර පුන් පෝදා, බොදු ජනතාවට එය අසීරු කාර්යයක් ව පවතී. මුළු ලෝකයම දරුණු වසංගතයකට මුහුණ දී සිටින බැවිනි. කළ යුතු හා විය යුතු ඒ ගැන කම්පා වීම හෝ තැවීම නොව මේ අවස්ථාවේ පන්සලට නොගියද නිවෙස් තුළටම වී උතුම් තෙරුවන් වන්දනා කොට ආගමික වතාවත්හි නිරතව, ප්‍රතිපත්ති ගරුක ව කටයුතු කිරීමට වීර්යය කිරීම ය. පවුලේ සියලු දෙනා ම ඊට සහභාගි කරවා ගනිමින් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබ උදා වී ඇති උපද්‍රවයන්ගෙන් මිදීමට සෙත ශාන්තිය සලසා ගැනීම ය. මුළු ලෝ වාසීන්ට ද සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම ය.

එමෙන් ම මුළු ලොවක් සසල කළ, කම්පාවට භීතියට පත් කළ මෙම කොරෝනා රෝග වසංගත තත්ත්වය අප කිසිසේත් සැහැල්ලුවට ගෙන බැහැර කළ යුත්තක් නොවේ. කිසිදු උස් පහත් භේදයකින් තොරව, නිලයකින් බලයකින් වයස් භේදයකින් තොරව දුප්පත් පොහොසත් වෙනසක් නො මැතිව හසුවන සියලු දෙනා මේ වසංගතය විසින් වේගයෙන් ගොදුරු කර ගනිමින් සිටී. අපට කොතැන හෝ වැරැදී ඇති සෙයකි. මිනිසා විසින් දිගින් දිගටම අසීමාන්තික ලෙස සොබා දහම විනාශ කරනු ලැබීම නිසා සොබා දහමින් පෙරළා මිනිසාට දුන් දඬුවමක් ලෙස බොහෝ වියත්හු මේ තත්ත්වය අර්ථ ගන්වති. බෞද්ධයන් ලෙස අපගේ සිත,කය,වචනය හසුරුවා ගත යුතු තමන්ට සේ ම අනුන්ට ද හිත සුව පිණිස වන ලෙස ය. එය ජීවී පරිසරයට මෙන් ම, අජීවී පරිසරය වෙතද දැක්විය යුතු ආකල්පයකි.

අප ආරක්ෂා කරන ගහ කොළ, ඇළ දොළ, වාතය, ජලය, අප විසින්ද ආරක්ෂා කළ යුතුව තිබේ. පොලිතීන්, ප්ලාස්ටික් වැනි විනාශකාරී අපද්‍රව්‍ය අවිධිමත් ලෙස පරිසරයට බැහැර කිරීම ආදී බොහෝ වැරැදි දීර්ඝ කාලයක් තිස්සේ අප අතින් සිදු වේ. මිනිස් පරිභෝජනයට ගන්නා ආහාරවලට ඉවක් බවක් නොමැතිව විස සහිත කෘත්‍රීම රසකාරක මිශ්‍ර කිරීම සපුරා තහනම් කළ යුතුව ඇත.

එහිදී මිනිසාටද, පරිසරයට ද හිතකාමී ලෙස දේශීය කෘෂි කර්මාන්තය නඟා සිටුවීම කෙරෙහි රාජ්‍ය අවධානය යොමු ව තිබීම අගය කළ යුතු ය. බෞද්ධයන් ලෙස අප සියලු දෙනාගේ වගකීම ද හිංසාකාරී කිසිදු ක්‍රමවේදයකින් තොරව අපගේ ජීවිත ගොඩ නංවා ගැනීම ය.

මේ එක් පැතිකඩකි.

මේ අවස්ථාවේ ජාතියක් ලෙස අපට විශාල වගකීමක් පැවරී තිබේ. ඒ මෙම කොරෝනා වසංගතයෙන් තමන් ආරක්ෂා වීම සහ අනුන් ද ආරක්ෂා කර ගැනීම ය.

නොසිතූ ලෙස අසීරු අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදු විය හැකිය.

එහෙත් සියල්ලට වඩා වටින්නේ ජීවිතයයි. පුරවැසියන් ලෙස අප රටක නීතියට අවනත විය යුතු වේ. මේ අවස්ථාවේ නිවැරැදි නායකත්වයක් නොවන්නට අප මාතෘ භූමියේද ලොව බලවත් රටවල මෙන් මිනිසුන් සිය දහස් ගණනින්

මිය යන්නට තිබුණි. අප මේ මොහොතේ රජය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍ර විසින් දෙන උපදෙස් අකුරට පිළි පැදිය යුතු වේ. බෞද්ධයන් ලෙස අපට එකම පිළිසරණ උතුම් ත්‍රිවිධ රත්නයේ සරණය. ධර්මයෙහි හැසිරෙන තැනැත්තා ධර්මය විසින්ම ආරක්ෂා කරන බව උතුම් බුදු වදන ය.

ධර්මයෙහි හැසිරෙමින්, මෙත් සිතිවිලි උපදවා ඒ ආනුභාවයෙන් ලෝකය ම සුවපත් වන ලෙස ප්‍රාර්ථනා කරමු.

 බක් පුර පසළොස්වක පෝය 

 බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 07 වනදා අඟහරුවාදා අපරභාග 00.01 ට ලබයි. 08 වනදා බදාදා පූර්ව භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 07 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය අප්‍රේල් 14 වනදා අඟහරුවාදා.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]